ශානි අබේසේකර ගොනු කළ පෙත්සමක් කැඳවීමට දින දෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඇතුළු එම කොමිසම සාමාජිකයන් එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ඔක්තෝම්බර් මස 11 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

එම පෙත්සම අද (18) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ මෙම පෙත්සමට අදාළව සිතාසි නිකුත් කළ විනිසුරු මඩුල්ල වන අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම ඔක්තෝබර් මස 11 වනදා කැඳවන ලෙසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසමේ සභාපති උපාලි අබේරත්න, සාමාජිකයින් වන චන්ද්‍රා ජයතිලක සහ චන්ද්‍රා ප්‍රනාන්දු යන අයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබුණා.

එම සිතාසි නිකුත් කළ ආකාරය නීතියට පටහැනි බවත් ඒ සම්බන්ධයෙන් විරෝධතා ගොනු කර තිබෙන බවත් උපාලි අබේරත්න ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් අධිකරණයට දැනුම් දුන්නා.

මෙහිදී ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හස්තික දේවේන්ද්‍ර අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙන අවස්ථාවක වගඋත්තරකරුවන් අධිකරණයට නොපැමිණ මේ ආකාරයෙන් විරෝධතා ගොනු කිරීම අධිකරණ ක්‍රියා පටිපාටිය අවභාවිතාවට ලක් කිරීමක් බවට චෝදනා කළා.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම ලබන මස 11 වනදා කැඳවීමට නියම කළ අතර එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසත් පාර්ශවකරුවන්ට නියෝග කර සිටියා.

තමන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුත්තක් ඉදිරියට පවත්වාගෙන නොයන බවට දේශපාලන පළිගැනීම් කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් මීට පෙර අභියාචනාධිකරණයට ලබාදුන් පොරොන්දුවක් උල්ලංඝනය කිරීම තුළින් ඔවුන් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කොට ශානි අබේසේකර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48