AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලාංකික මිත්‍රත්වයේ දෑත් ජපානයේ වැසියන්ට දිගු වෙයි (වීඩියෝ)

විපතේදී අනෙකාට පිහිට වීම ශ්‍රී ලාංකිකයන්ට උරුම වූ යහගුණයක්.

විදෙස් රටක ජීවත් වුවත් බොහෝ ශ්‍රී ලාංකිකයන් උපතින්ම ලැබුණු එවන් ගුණ යහපත්කම් ලද ඕනෑම අවස්ථාවක ක්‍රියාවේ යොදවන්නට පැකිලෙන්නේ නැහැ.

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද පසුගිය දිනෙක අපූරූ සද් කාර්යයක නිරත වුණා.

ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයට මේ වසරේ ජනවාරි පළමුවැනිදා උදා වුණේ දරුණු භු කම්පනයක බියකරු අත්දැකීම් සමගයි.

කෙසේ වෙතත් තම නිජබිම අතහැර යෑමට එහි ජනතාව කිසි ලෙසකින්වත් සූදානම් වූයේ නැහැ.

ඒ අනුව, සුන්බුන් වී ගිය සිය නිවෙස් අවටම කඳවුරු බැඳ ගත්තා.

ඉෂිකාවා ප්‍රාන්තයේ වකුරා එලමෙන්ටරි පාසල, නානාඔෂි යඩගෝ, සන්නෝ එලමෙන්ටරි පාසල සහ ජොටාකේරු පන්සල ආශ්‍රය කරගනිමින් මෙම කඳවුරු ඉදිකෙරුණා.

බරපතල ව්‍යසනයකට මුහුණ දුන් ප්‍රදේශයට ඇතුලුවීම සියලු දෙනාට තහනම් වෙද්දී ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා විසින් කළ ඉල්ලීමක් මත මෙම ප්‍රදේශයට ඇතුල්වීමට ශ්‍රී ලාංකිකයන් පිරිසකට ජපන් රජයේ විශේෂ අවසරයක් හිමි වුණා.

ඒ අනුව, පසුගිය සති අන්තයේ එහි ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් විපතට පත් ජනතාව වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවූවා.

නානාඕ, ෂිජා සහ කනසාවා නගරයන් වෙත ගොස් ඒ ඒ ප්‍රදේශවල පළාත් පාලන ආයතනවල මඟපෙන්වීම යටතේ විපතට පත් ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සලසා දෙමින් ද උණුසුම් ශ්‍රී ලාංකික ආහාර පිළිගන්වමින්ද විපතකදී අත්නොහැරෙන ශ්‍රී ලාංකික මිත්‍රත්වයේ දෑත ඉෂිකාව වැසියන්ට දිගු කෙරුණා.

මෙම ප්‍රාන්ත වාසීන් තම ජීවිකාව සරිකරගත් ඉප්පොන්සුගිමචි වෙළදසැල ද යම්තාක් දුරට යළි ගොඩනගා තිබූ අතර ශ්‍රී ලාංකික පිරිස එහි පැමිණ පීඩාවට පත් පිරිසට උපකාරයක් ලෙස විවිධ භාණ්ඩ ද මිලදී ගත්තා.

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පවුර තවත් ශක්තිමත් කර ගැණුනු මෙම වැඩසටහන පිළිබඳ ඉෂිකාවා වැසියන් තුළ වූයේ කෘතඥතා පූර්වක හැඟීමක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?