ශ්‍රී ලාංකිකයන් තුන්දෙනාගේ මරණවලට ඇල්ලූ යුවළ තවදුරටත් රිමාන්ඩ්

මැලේසියාවේ ක්වාලාලම්පූර්, සෙන්තුල් ප්‍රදේශයේ නිවසක තිබී මළ සිරුරු තුනක් සොයාගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික යුවළ ලබන ඔක්තෝම්බර් මස 6 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පසුගිය 22 වැනිදා මළ සිරුරු සොයාගැනීමත් සමඟ මෙම 40 හැවිරිදි යුවළ අත්අඩංගුවට ගත් අතර ඔවුන් සතියක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

මැලේසියාවේ ආරක්ෂක අංශය සඳහන් කර තිබුණේ 22 වනදා ගැටුමක් හේතුවෙන් ඇති වූ කෑගැසීමේ ශබ්දය සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී එම නිවසේ තිබී ශ්‍රී ලාංකිකයන් තුන් දෙනෙකුගේ මළ සිරුරු තුනක් හමුවූ බවයි.

ගබඩා කාමරයේ තිබී හමුවූ මළ සිරුරු එකිනෙක ගොඩ ගසා තිබී ඇති අතර ඔවුන්ගේ දෑත් සහ පාද බැඳ හිස් ප්ලාස්ටික් කවරවලින් ආවරණය කර තිබූ බව සඳහන්.

රාත්‍රී 11ට පමණ ජනතාවගෙන් පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව විමර්ශන ආරම්භ කළ අතර මළ සිරුරු සොයා ගැනීමත් සමඟ එම නිවස කුලියට ගෙන සිටි ශ්‍රී ලාංකික යුවළ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ගනු ලැබුවා.

මළ සිරුරු තුනෙන් එකක් එම සැකකාර යුවළගේ පුතාගේ බවටයි විශ්වාස කෙරෙන්නේ.

පසුව පොලිසිය මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භ කළ අතර ඔවුන් සෙලන්ගෝර් හි හුලු ලන්ගාට් හි වනාන්තරයකට පළා ගොස් ඇති බව හෙළිවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47