spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලාංකිකයන් තුන්දෙනාගේ මරණවලට ඇල්ලූ යුවළ තවදුරටත් රිමාන්ඩ්

මැලේසියාවේ ක්වාලාලම්පූර්, සෙන්තුල් ප්‍රදේශයේ නිවසක තිබී මළ සිරුරු තුනක් සොයාගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික යුවළ ලබන ඔක්තෝම්බර් මස 6 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පසුගිය 22 වැනිදා මළ සිරුරු සොයාගැනීමත් සමඟ මෙම 40 හැවිරිදි යුවළ අත්අඩංගුවට ගත් අතර ඔවුන් සතියක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

මැලේසියාවේ ආරක්ෂක අංශය සඳහන් කර තිබුණේ 22 වනදා ගැටුමක් හේතුවෙන් ඇති වූ කෑගැසීමේ ශබ්දය සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී එම නිවසේ තිබී ශ්‍රී ලාංකිකයන් තුන් දෙනෙකුගේ මළ සිරුරු තුනක් හමුවූ බවයි.

ගබඩා කාමරයේ තිබී හමුවූ මළ සිරුරු එකිනෙක ගොඩ ගසා තිබී ඇති අතර ඔවුන්ගේ දෑත් සහ පාද බැඳ හිස් ප්ලාස්ටික් කවරවලින් ආවරණය කර තිබූ බව සඳහන්.

රාත්‍රී 11ට පමණ ජනතාවගෙන් පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව විමර්ශන ආරම්භ කළ අතර මළ සිරුරු සොයා ගැනීමත් සමඟ එම නිවස කුලියට ගෙන සිටි ශ්‍රී ලාංකික යුවළ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ගනු ලැබුවා.

මළ සිරුරු තුනෙන් එකක් එම සැකකාර යුවළගේ පුතාගේ බවටයි විශ්වාස කෙරෙන්නේ.

පසුව පොලිසිය මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භ කළ අතර ඔවුන් සෙලන්ගෝර් හි හුලු ලන්ගාට් හි වනාන්තරයකට පළා ගොස් ඇති බව හෙළිවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?