AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දිගු කාලින බද්දට ගුවන් යානා 21ක් ලබා ගැනීමට අයදුම් පත් කැඳවයි

ඉදිරි වසර 3 තුළ සිය ගුවන් යානා සංඛ්‍යාව 35 දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවය සැලසුම් කරනවා. ඒ සඳහා ගුවන් යානා 21 ක් දිගු කාලීන බද්දට ලබා ගැනීම සඳහා අයදුම් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

කොරෝනා වසංගතයට පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව ගුවන් යානා 27 ක් පැවති අතර දැන් එය 24 දක්වා පහත බැස තිබෙනවා. එමෙන්ම, කල් බදු නිම වෙමින් පවතින ගුවන් යානා වෙනුවට නව ගුවන් යානා ලබා ගැනීමටයි ගුවන් සේවය සැලසුම් කරන්නේ.

එහිදී ඒ 330 – 200 හෝ ඒ 330 – 300 එයාර් බස් යානා 10ක් සහ ඒ 320 හෝ ඒ 321 ගුවන් යානා 11 ක් වසර 6 දක්වා කල් බදු ක්‍රමයට ලබා ගැනීමට අයදුම් කැඳවා තිබෙනවා.

කෙසේ නමුත්, ශ්‍රී ලංකන් ගුවන් සේවය දැනට භාවිත නොකරන විකල්ප මගී යානා පිළිබඳව ද සලකා බලනු ඇති.

ඒ අනුව, වසර 2025 වනවිට ගුවන් යානා 35 ක් සමගින් ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ නැංවීමටත් නව ගමනාන්තයන් වෙත පියාසර කිරිමටත් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ට්විටර් සටහනක් තබමින් අදහස් පළකර සිටිනවා.

මන්ත්‍රීවරයා සඳහන් කර සිටින්නේ දැනටමත් ඉන්ධන්, ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟකමින් සිටින ශ්‍රී ලංකාව මේ වන විට බංකොලොත් වී ඇති බවයි. මෙය විහිළුවක් බවට පෙනුණත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇති නිසා වහාම මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

image 43
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:07
Video thumbnail
🛑Breaking News - සීලරතන හිමිගෙන් විශේෂ ප්‍රකාෂයක් /මෙන්න සම්පූර්ණ කතාව #breakingnews
03:55
Video thumbnail
අපිලගේ සාදු හිටි හැටියේ සැර වෙයි / බිත්තර මාෆියාවේ එව්වෝ - වාහාම අත්අඩංගුවට ගන්න
05:36
Video thumbnail
"අපි අනුර ජනාධිපතිට සුබ පතනවා" - රටේ ජනතාවට තිබුණු පීඩනය මේ ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා
03:35
Video thumbnail
අපි නැවත ජනතාව ඉදිරියට යන්න ලෑස්තී - වැලේ වැල් නැතවුණ පොහොට්ටුවේ මීළග සැලසුම #slpp
01:52

?