ඉරානයේ ශ්‍රී ලංකා තානාපතිනියට පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් ලෙස පත් කිරීම සඳහා පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නම් කරන ලද තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් 10 දෙනෙකුගේ පත්වීම් සඳහා රාජ්‍ය සේවාවන්වලට සහ රාජ්‍ය සංස්ථාවලට පත් කරනු ලබන/නම් කරනු ලබන තැනැත්තන්ගේ යෝග්‍යතාව පරීක්ෂා කිරීම සඳහා වූ උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව, ඔවුන්ට එම රාජ්‍යතාන්ත්‍රික ධුරයන්හි රාජකාරි භාර ගැනීමට අවස්ථාව සැලසෙනවා.

මෙලෙස පත් කරන ලද රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ ධුරයන් පහතින්,

1.දර්ශන එම්. පෙරේරා – මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්
2.ඩී.එම්.එස්.පී. දසනායක – ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත
3.දයානි මෙන්ඩිස් – ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත
4.එස්.පී.ඩබ්ලිව්. පතිරණ – රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති
5.එන්.අයි.ඩී. පරණවිතාන – ඉතියෝපියාවේ සහ අප්‍රිකානු සංගමයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත
6.එස්. කේ. චන්ද්‍රසිරි – ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති
7.ධම්මික ප්‍රනාන්දු – කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්
8.අනුර විතානගේ – ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති
9.මහාචාර්ය එම්.අයි. ෆසීහා අස්මි – ඉරානයේ ශ්‍රී ලංකා තානාපති
10.එම්. ෆාරුක් එම්. ෆවුසර් – පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46