ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දිගු කාලින බද්දට ගුවන් යානා 21ක් ලබා ගැනීමට අයදුම් පත් කැඳවයි

ඉදිරි වසර 3 තුළ සිය ගුවන් යානා සංඛ්‍යාව 35 දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවය සැලසුම් කරනවා. ඒ සඳහා ගුවන් යානා 21 ක් දිගු කාලීන බද්දට ලබා ගැනීම සඳහා අයදුම් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

කොරෝනා වසංගතයට පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව ගුවන් යානා 27 ක් පැවති අතර දැන් එය 24 දක්වා පහත බැස තිබෙනවා. එමෙන්ම, කල් බදු නිම වෙමින් පවතින ගුවන් යානා වෙනුවට නව ගුවන් යානා ලබා ගැනීමටයි ගුවන් සේවය සැලසුම් කරන්නේ.

එහිදී ඒ 330 – 200 හෝ ඒ 330 – 300 එයාර් බස් යානා 10ක් සහ ඒ 320 හෝ ඒ 321 ගුවන් යානා 11 ක් වසර 6 දක්වා කල් බදු ක්‍රමයට ලබා ගැනීමට අයදුම් කැඳවා තිබෙනවා.

කෙසේ නමුත්, ශ්‍රී ලංකන් ගුවන් සේවය දැනට භාවිත නොකරන විකල්ප මගී යානා පිළිබඳව ද සලකා බලනු ඇති.

ඒ අනුව, වසර 2025 වනවිට ගුවන් යානා 35 ක් සමගින් ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ නැංවීමටත් නව ගමනාන්තයන් වෙත පියාසර කිරිමටත් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ට්විටර් සටහනක් තබමින් අදහස් පළකර සිටිනවා.

මන්ත්‍රීවරයා සඳහන් කර සිටින්නේ දැනටමත් ඉන්ධන්, ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟකමින් සිටින ශ්‍රී ලංකාව මේ වන විට බංකොලොත් වී ඇති බවයි. මෙය විහිළුවක් බවට පෙනුණත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇති නිසා වහාම මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

image 43


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04