ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ජී.එස්.විතානගේ මහතා පත් කර තිබෙනවා.

ඔහු අද අභිනව සභාපතිවරයා ලෙස වැඩ භාර ගත් බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

විතානගේ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති අතර ඉන්පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පළමු උපාධිය ද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා තිබෙනවා.

1984 වසරේ දී රාජ්‍යය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස රාජ්‍ය සේවයට එක් වන විතානගේ මහතා ලංකා සීනි සංස්ථාව, රාජ්‍ය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, ජනමාධ්‍ය සංචාරක ගුවන් සේවා ප්‍රවාහන මහාමාර්ග යන අමාත්‍යාංශවල සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, පුනරුත්ථාපන , බන්ධනාගාර, නැවත පදිංචි කිරීම්, විදේශ රැකියා, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා යන අමාත්‍යාංශ ල ලේකම්වරයා ලෙසත් සේවය කර ඇති අයෙක්.

මීට අමතරව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති වරයා ලෙසත් සේවය කරමින් සමස්ථ රාජ්‍ය සේවයේ වසර 37 කට අධික කාලයක් සේවයෙහි නිරත වී සිටින්නෙක්.

ජී.එස්.විතානගේ මහතා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ 08 වන සභාපතිවරයායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනුරගේ බෝට්ටුවේ ලොකු හිලක්..ඔළුව දාලත් වහන්න Try කළා"අර්චුනා ත්‍රීවීල් එකෙන් යන්න යයි
11:14
Video thumbnail
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි උණුසුම් තත්ත්වයක්.."මේකා දොස්තර කෙනෙක්ද කොන්දොස්තර කෙනෙක්ද"
11:14
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48


?