ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ජී.එස්.විතානගේ මහතා පත් කර තිබෙනවා.

ඔහු අද අභිනව සභාපතිවරයා ලෙස වැඩ භාර ගත් බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

විතානගේ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති අතර ඉන්පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පළමු උපාධිය ද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා තිබෙනවා.

1984 වසරේ දී රාජ්‍යය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස රාජ්‍ය සේවයට එක් වන විතානගේ මහතා ලංකා සීනි සංස්ථාව, රාජ්‍ය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, ජනමාධ්‍ය සංචාරක ගුවන් සේවා ප්‍රවාහන මහාමාර්ග යන අමාත්‍යාංශවල සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, පුනරුත්ථාපන , බන්ධනාගාර, නැවත පදිංචි කිරීම්, විදේශ රැකියා, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා යන අමාත්‍යාංශ ල ලේකම්වරයා ලෙසත් සේවය කර ඇති අයෙක්.

මීට අමතරව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති වරයා ලෙසත් සේවය කරමින් සමස්ථ රාජ්‍ය සේවයේ වසර 37 කට අධික කාලයක් සේවයෙහි නිරත වී සිටින්නෙක්.

ජී.එස්.විතානගේ මහතා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ 08 වන සභාපතිවරයායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26