Empty Ad
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ඇතුළු නියෝග කිහිපයකට අනුමැතිය

ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරුව අතර අත්සන් කිරීමට යන නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ නියෝගය ඇතුළු ගැසට් පත්‍ර කිහිපයට මුදල් කාරක සභාවේ අනුමැතිය හිමි වුණා.

රජයේ මුදල් කාරක සභාපති ආචාර්‍යය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (21) මෙම කාරක සභාව රැස් වූ අවස්ථාවේ දී අදාළ අවසරය හිමි වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන පියස නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන විධිවිධාන ඇතුළත් වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ අංක 2377/39 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගය සඳහා මෙලෙස අනුමැතිය හිමි වූ බවයි වාර්තා වන්නේ.

2018 වසරේදී ලබා දුන් අමාත්‍ය මණ්ඩල අනුමතිය මත සිංගප්පූරුව සමඟ එළැඹි නිදහස් වෙළඳ ගිවිසුම
2024 වසරේ සිට ක්‍රියාත්මක කිරීම සඳහා මෙම නියෝගය නිකුත් කර තිබූ අතර විවිධ හේතුමත මෙය
ක්‍රියාත්මක වීම ප්‍රමාද වී ඇති බවත් නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළා.

මෙම ගිවිසුම යටතේ භාණ්ඩ හා සේවා, ආයෝජන කටයුතු, බුද්ධිමය දේපළ හිමිකම්, විදුලි සංදේශ, ඊ- වානිජ ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වනු ඇති.

මේ අනුව රේගු ආනයන බද්ද (CID) සඳහා අදාළ වන තීරුබදු ලිහිල්කරණය සහ ආනයනයේ දී පනවා ඇති අනෙකුත් බදු වන සෙස් (CESS) බද්ද සහ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන(PAL) බද්ද සම්බන්ධිත තීරුබදු ලිහිල්කරණ වැඩසටහන ක්‍රියාත්මක වීම සිදු වනවා.

කාණ්ඩ කිහිපයක් යටතේ තීරුබදු ලිහිල් කිරීම සිදුවන ආකාරය නිලධාරීන් දීර්ඝ ලෙස කාරක සභාවට පැහැදිලි කළා.

මේ අතර එරාවුර් විශේෂිත රෙදිපිළි නිෂ්පාදන කලාපය තුළ ආයෝජකයෙකු විසින් ආරම්භ කරන ලද විශේෂ ව්‍යාපෘතියක් සඳහා විධිවිධාන සැලසීමට ද කාරක සභාවේ අනුමැතිය හිමිවුණා.

මීට අමතර ව සහල් ආනයනයේදී අය කළ රු. 65ක බදු මුදලින් රු. බිලියන 10.9 ක ආදායමක් ලබාගෙන ඇති බව ද මෙහිදී අනාවරණය වුණා.

මේ රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ චතුරංග
අබේසිංහ යන මහත්වරුන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඉල්යාස්, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ
(නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ද එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?