ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ඇතුළු නියෝග කිහිපයකට අනුමැතිය

ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරුව අතර අත්සන් කිරීමට යන නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ නියෝගය ඇතුළු ගැසට් පත්‍ර කිහිපයට මුදල් කාරක සභාවේ අනුමැතිය හිමි වුණා.

රජයේ මුදල් කාරක සභාපති ආචාර්‍යය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (21) මෙම කාරක සභාව රැස් වූ අවස්ථාවේ දී අදාළ අවසරය හිමි වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන පියස නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන විධිවිධාන ඇතුළත් වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ අංක 2377/39 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගය සඳහා මෙලෙස අනුමැතිය හිමි වූ බවයි වාර්තා වන්නේ.

2018 වසරේදී ලබා දුන් අමාත්‍ය මණ්ඩල අනුමතිය මත සිංගප්පූරුව සමඟ එළැඹි නිදහස් වෙළඳ ගිවිසුම
2024 වසරේ සිට ක්‍රියාත්මක කිරීම සඳහා මෙම නියෝගය නිකුත් කර තිබූ අතර විවිධ හේතුමත මෙය
ක්‍රියාත්මක වීම ප්‍රමාද වී ඇති බවත් නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළා.

මෙම ගිවිසුම යටතේ භාණ්ඩ හා සේවා, ආයෝජන කටයුතු, බුද්ධිමය දේපළ හිමිකම්, විදුලි සංදේශ, ඊ- වානිජ ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වනු ඇති.

මේ අනුව රේගු ආනයන බද්ද (CID) සඳහා අදාළ වන තීරුබදු ලිහිල්කරණය සහ ආනයනයේ දී පනවා ඇති අනෙකුත් බදු වන සෙස් (CESS) බද්ද සහ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන(PAL) බද්ද සම්බන්ධිත තීරුබදු ලිහිල්කරණ වැඩසටහන ක්‍රියාත්මක වීම සිදු වනවා.

කාණ්ඩ කිහිපයක් යටතේ තීරුබදු ලිහිල් කිරීම සිදුවන ආකාරය නිලධාරීන් දීර්ඝ ලෙස කාරක සභාවට පැහැදිලි කළා.

මේ අතර එරාවුර් විශේෂිත රෙදිපිළි නිෂ්පාදන කලාපය තුළ ආයෝජකයෙකු විසින් ආරම්භ කරන ලද විශේෂ ව්‍යාපෘතියක් සඳහා විධිවිධාන සැලසීමට ද කාරක සභාවේ අනුමැතිය හිමිවුණා.

මීට අමතර ව සහල් ආනයනයේදී අය කළ රු. 65ක බදු මුදලින් රු. බිලියන 10.9 ක ආදායමක් ලබාගෙන ඇති බව ද මෙහිදී අනාවරණය වුණා.

මේ රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ චතුරංග
අබේසිංහ යන මහත්වරුන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඉල්යාස්, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන් සහ
(නීතීඥ) ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ද එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21