Empty Ad
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා යෞවනියෝ අබියස කැන්ගරු කතුන් පරදියි

වයස අවුරුදු 19න් පහළ පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ සුපිරි හයදෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගය ලකුණු 12කින් විශිෂ්ට ලෙස ජය ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ ප්‍රතිවාදී ඔස්ට්‍රෙලියාව පරාජයට පත් කරමින්.

මැලේසියාවේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු ව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 99ක් රැස් කළා.

සංජානා කවින්දි ලකුණු 19යි.

සුමුදු නිසංසලා ලකුණු 18ක් සහ මනුදි නානායක්කාර ලකුණු 14ක් රැස් කළා.

කඩුලු බිඳ දැමීමේදී ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් වැඩිම කඩුලු ලාභිනිය වූයේ Lily Bassingthwaighte යි.

ඇය ලකුණු 07කට කඩුලු 03ක් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රෙලියා යොවුන් කණ්ඩායමට කඩුලු 08ක් දැවී පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ ලකුණු 87ක් පමණයි.

චමෝදි ප්‍රබෝධා, ප්‍රමුදි මෙත්සරා සහ අසේනි තලගුණේ කඩුලු 02ක බැගින් බිඳ දැමූ අතර ලිමංසා එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි සයදෙනාගේ වටයේ පැවති අවසන් තරගය විශිෂ්ට ලෙස ජයගත් අතර ස්කොට්ලන්තය සමග පැවති තරගය වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමග අතහැර දැමීමෙන් එක් ප්‍රසාද ලකුණක් හිමිකර ගත්තා.

මේ සමග ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානය දක්වා ඉදිරියට ඒමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
4
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | ජාතික ජන බලවේගයේ චන්ද්‍රමාලි පෙරේරා සහ සමගි ජන බලවේගයේ නිරෝෂා අතුකෝරාළ සහභාගීවන කස්තිරම
01:22:59
Video thumbnail
මාධ්‍යවේදීයෙකුට ජීවිත තර්ජනය කරපු ව්‍යාපාරිකයගේ සියලුම පැටිකිරිය මෙන්න - වැඩේට පොලීසියත් හවුල් ?
07:26
Video thumbnail
රටක තීරණ ගන්න තැන කාන්තාව සිටිය යුතුයි
00:23
Video thumbnail
ඉස්සර කාන්තා අයිතිවාසිකම් වලට පාරට බැස්සාම සැලකුවේ කඳුලු ගෑස් වලින්
05:58
Video thumbnail
කාන්තාවෝ අපරාධ කරන්න පෙළඹෙනවා හරි අඩුයි
09:22
Video thumbnail
තිස්ස සීයාට කියපු කතාව
00:07
Video thumbnail
මේක තවත් - සොමාලියාවක් - ඉතියෝපියාවක් කරන්න එපා - ආණ්ඩුව හාන්සි කරවපු සුපිරිම කතාව
06:09
Video thumbnail
නලින්ද ජයතිස්ස දේශබන්දුට අනතුරු අඟවයි - "කරුණාකරලා ඇවිල්ලා බාර වෙන්න"
01:17
Video thumbnail
මුස්ලිම් ප්‍රජාව අතර ආණ්ඩුව ෆේල් ?
02:15
Video thumbnail
රනිල් අල්ජසීරා එක්ක කරපු interview එකනම් මම දැක්කේ නෑ
02:10

?