AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි

ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ; මුදල් විශුද්ධිකරණය, අල්ලස් හෝ දූෂණ සහ ඒ ආශ්‍රිත අපරාධ පිළිබඳ විමර්ශන සහ නඩු පැවරීම් සම්බන්ධ තොරතුරු හුවමාරු කරගැනීමට මූල්‍ය බුද්ධි ඒකකය මෙම ගිවිසුමට එළැඹි බවයි.

මෙම අවබෝධතා ගිවිසුමට දෙපාර්ශ්වය ම එළැඹී ම ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී සිදු කෙරුණා.

ඒ ශ්‍රී ලංකා මහ බැංකු පාර්ශ්වයෙන් මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ මහබැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ ද කොමිෂන් සභාව වෙනුව්න් එහි කොමසාරිස් ජනාධිපති නීතිඥ චේතිය ගුණසේකර ඇතුළු බලධාරීන් පිරිසක් එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?