ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව සහ මූල්‍ය පද්ධති ස්ථායිතා උපදේශන කමිටුව ප්‍රතිස්ථාපනය කරමින් පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්ව කමිටුව ස්ථාපිත කර තිබෙනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න එම කමිටුවේ සභාපතීත්වය දරන අතර පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් 17 දෙනෙකු එහි සාමාජිකත්වය හොබවන බවයි මහ බැංකුව දැනුම් දුන්නේ.
ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ සිය සබඳතාව පුළුල් කිරීම මෙම කමිටුව ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2














