හෙට (03) දිනට යෙදී තිබෙන ජාතික පොලිස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් කොට්ඨාස ධජයන්ට සෙත් පැතීමේ පිංකමක් ශ්‍රී මහා බෝධිය අභියස දී පැවැත් වුණා.
ඒ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ සහභාගීත්වයෙන්.
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පිංකමේ ආශිර්වාද පූජාව පැවැත්වූයේ අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති පූජ්‍ය නුගේගෙතැන්නේ පඤ්ඤානන්ද හිමියන් විසින්.
මෙහි අනුශාසනාව ලංකාරාම විහාරාධිකාරී රළපනාවේ ධම්මජෝති හිමියන් සිදුකරනු ලැබුවා.
මේ අතර පොලිස්පතිවරයා විසින් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිසියේ උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.





