ශ්‍රී ලංකා පොලිසියේ කොට්ඨාස ධජයන්ට සෙත් පැතීම ශ්‍රී මහා බෝධිය අභියස දී (වීඩියෝ)

හෙට (03) දිනට යෙදී තිබෙන ජාතික පොලිස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් කොට්ඨාස ධජයන්ට සෙත් පැතීමේ පිංකමක් ශ්‍රී මහා බෝධිය අභියස දී පැවැත් වුණා.

ඒ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ සහභාගීත්වයෙන්.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පිංකමේ ආශිර්වාද පූජාව පැවැත්වූයේ අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති පූජ්‍ය නුගේගෙතැන්නේ පඤ්ඤානන්ද හිමියන් විසින්.

මෙහි අනුශාසනාව ලංකාරාම විහාරාධිකාරී රළපනාවේ ධම්මජෝති හිමියන් සිදුකරනු ලැබුවා.

මේ අතර පොලිස්පතිවරයා විසින් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිසියේ උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එල්නිනෝ නිසා ඉස්සරහට වෙන දේ ගම්මන්පිළ හෙළිකරයි - තෙල් මිල ඉහළ යනවාමයි
05:46
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
04:42
Video thumbnail
විපක්ෂ නායකව හමුවෙන්න එක්සත් ජනපදයෙන් ආ අමුත්තෝ
03:05
Video thumbnail
ඇමති නලින්දට හිරබත් කන්න වෙයි ? ඔයාට මුක්තිය නෑ එකෝ සමාව - නැත්තම් හිරබත්
03:53
Video thumbnail
ජේ ආර්ගේ එකම දේශපාලන පුත්‍ර අනුරට පාඩම ගැන අවබෝධයක් නෑ - අධිකරණයට ගැන ගම්මන්පිල කට අරියි
06:35
Video thumbnail
මෙරට ඉදිකළ ජේසුස් වහන්සේගේ විශාලතම පිළිරුව - කාදිනල් හිමිගේ ප්‍රධානත්වයෙන් ආශිර්වාද ගන්වයි
04:04
Video thumbnail
ජීවිත දෙකක් අහිමි කළ කන්ටේනරයට ගම්මු කරපු දේ...
01:02
Video thumbnail
නාමල් අධිකරණයට ඇවිත් ගැහුව සැර හින්ට් එක..ආණ්ඩුවේ පිස්සුව හොඳටම තදවෙලා
01:49
Video thumbnail
අධිකරණයට ඇවිත් ගිය නාමල් - "පිස්සුව හොඳටම තදවෙනකොට ගැඹුර පේන්නේ නෑ..පැ#ලා බලන්න"
05:22
Video thumbnail
සිනහ මුසු මුහුණින් නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට...
00:41