ශ්‍රී ලංකා නම ඉදිරියේ ලියවී තිබූ අමිහිරි වාර්තාව තම නම ඉදිරියේ ලියාගත් දකුණු අප්‍රිකානුවන්

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි තෙවන එක්දින තරගයෙන් ලකුණු 342ක වාර්තාගත ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායමට ඊයේ හැකියාව ලැබුණා.

මෙම ජයග්‍රහණය වාර්තා පොත් අතරට එක්වන්නේ ජාත්‍යන්තර එක්දින තරග බිමේ කණ්ඩායමක් තරගයක් ජයග්‍රහණය කළ වැඩිම ලකුණු පරතරය ලෙසටයි.

මීට පෙර එම අමිහිරි වාර්තාව ශ්‍රී ලංකාව නම ඉදිරියේ ලියවී තිබුණා.

එම අවස්ථාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව ඉදිරියේ ලකුණු 317ක දරුණු පරාජයක් අත්කර ගත්තා.

ඒ 2023 වසරේ ජනවාරි මස 15 වනදා ඉන්දියාව සමඟ තිරුවානන්තපුරම් හිදී පැවති එක්දින තරගයේ දීයි.

දකුණු අප්‍රිකාව සහ සත්කාරක එංගලන්තය අතර ඊයේ සවුත්හැම්ටන්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායමෙන් ලකුණු 415ක දැවැන්ත ඉලක්කයක් දකුණු අප්‍රිකාවට හිමිවුණා.

එම ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් සියලුදෙනා ලකුණු 72කට දවා ගන්නට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණේ ඉතිහාසගත ජයග්‍රහණයක් එංගලන්ත නම ඉදිරියේ ලියා ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
3
+1
6
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?