ශ්‍රී ලංකා තරග සංචාරයේ නායකත්වයට පත් කළ ස්මිත් ආබායකට ලක්වෙයි

ශ්‍රී ලංකා තරග සංචාරයට තවත් දින කිහිපයක් ඉතිරිව තිබිය දී මෙම තරගාවලිය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් කළ ස්ටීවන් ස්මිත් ආබායකට ලක්ව තිබෙනවා.

BBL තරගාවලිය අතරතුර ඔහු වැලමිට ආබාධයකට ලක්ව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඩුබායි හිදී සහභාගී වන විශේෂ පුහුණු කඳවුරට යාමද ප්‍රමාද කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් ඔහු එළඹෙන සතියේ දී ඩුබායි බලා පිටත්ව යෑමට නියමිත බවයි තොරතුරු වාර්තා වුණේ.

පැට් කමින්ස් පීතෘ නිවාඩු මත සිටින බැවින් ශ්‍රී ලංකාව සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මෙහෙයවීමේ වගකීම ස්ටීවන් ස්මිත් වෙත පවරා තිබෙනවා.

මෙම ආබාධය මත යම් හෙයකින් ඔහුට පළමු තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව නොලැබී ගියහොත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වයදීම ට්‍රැවිස් හෙඩ් වෙත පැවරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?