AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශය චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා රජයට පවරයි

චීන සමූහාණ්ඩුවේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු විශාලතම ව්‍යාපෘතිය ලෙස මෙය සැලකෙන අතර එම බාහිර රෝගී අංශය ශ්‍රී ලංකා රජය වෙත පරිත්‍යාග කිරීම අද පෙරවරුවේ සිදු වූ බවයි වාර්තා වන්නේ .

මෙරට චීන තානාපති චි සෙන්හොන්ග් විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත මෙය නිල වශයෙන් භාර දී තිබෙනවා.

අලුතින් ඉදි කෙරුණු ශ්‍රී ලංකා ජාතික රෝහලේ බාහිර රෝගී අංශය මහල් හතකින් යුත් අංගසම්පූර්ණ සහ නවීන තාක්ෂණයෙන් යුත් ගොඩනැඟිල්ලක් වන අතර මෙහි සියලු සායන කටයුතු, බාහිර රෝගී සැත්කම්, රසායනාගාර, බාහිර රෝගී ප්‍රතිකාර ,බහුවිධ පරීක්ෂණ අංශ ,හදිසි අනතුරු ශාලා සහ ඖෂධාගාර යන කටයුතු සියල්ල ඇතුළත්ය.

චීන සමූහාණ්ඩුව විසින් මෙය පරිත්‍යාගයක් ලෙස භාර දීම සඳහා පැවති උත්සවයෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මාධ්‍යවේදීන් වෙත පැවසුවේ,

මෙම බාහිර රෝගී අංශය විශාල පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා රජයට ලැබුණු බවත් මෙය මාසයක් ඇතුලත අංගසම්පූර්ණව සියලු පහසුකම් එක්කර වැඩ ආරම්භ කිරීමට නියමිත බවත් ය.

ඖෂධ හිඟය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ,

මේ වන විට කිසිම ඖෂධ හිඟයක් නොමැති බවත් එක් එක් රෝගීන් සඳහා අවශ්‍ය කරන ඖෂධ වල යම් හිඟයක් ඇති වුණත් දැනට එම ඖෂධ හිඟය මඟහරවා ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?