ශ්‍රී ලංකා – කොදෙව් එක්දින තරගවලිය අද – කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද (20) ආරම්භ වනවා.

තරගය අද (20) පස්වරු 2.30ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

විස්සයි විස්ස තරගාවලියේ දී ලැබූ ජයත් සමඟ ශ්‍රී ලංකාව අද ජයග්‍රාහී මානසිකත්වයකින් එක්දින තරගාවලියට පිවිසෙනවා.

මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකාව දඟපන්දු යවන්නන් තිදෙනෙකුගෙන් යුතුව ක්‍රීඩා කරනු ඇති අතර, ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙම තරග සඳහා ක්‍රීඩා නොකරනු ඇති බවයි පල්ලෙකැලෙන් වාර්තා වන්නේ.

නිමා වූ විස්සියි විස්ස තරගාවලියේ දී ඔහු සුළු ආබාධයකට ලක්වූ අතර, ඒ අනුව ඔහුට අද තරගයේ දී විවේක ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ, අනුව අද තරගයේ දී ආරම්භක පිතිකරුවන් ලෙස කුසල් මෙන්ඩිස් සමඟ අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩා කරනු ඇති.

එමෙන්ම අංක 03 ස්ථානයේ කමිඳු මෙන්ඩිස් ක්‍රීඩා කරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් කෙරෙහි කොදෙව් පිතිකරුවන් වැඩි අවදානයකින් කටයුතු කරනු ඇති බව විචාරකයින් සඳහන් කරනවා.

එමෙන්ම අද තරගයේ දී දඟ පන්දු යවන්නන්ට උචිත තණ තීරුවක් ලැබෙනු ඇති බවයි ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක චරිත් අසලංක ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් කළා.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර ජාත්‍යන්තර එක්දින තරග 65ක් මේ දක්වා පවත්වා ඇති අතර, කණ්ඩායම් දෙකම තරග 31 බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවනවා.

තරග තුනක් අවසන් වී ඇත්තේ ජය පරාජයෙන් තොරවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?