ශ්‍රී ලංකා – කොදෙව් එක්දින තරගවලිය අද – කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද (20) ආරම්භ වනවා.

තරගය අද (20) පස්වරු 2.30ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

විස්සයි විස්ස තරගාවලියේ දී ලැබූ ජයත් සමඟ ශ්‍රී ලංකාව අද ජයග්‍රාහී මානසිකත්වයකින් එක්දින තරගාවලියට පිවිසෙනවා.

මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකාව දඟපන්දු යවන්නන් තිදෙනෙකුගෙන් යුතුව ක්‍රීඩා කරනු ඇති අතර, ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙම තරග සඳහා ක්‍රීඩා නොකරනු ඇති බවයි පල්ලෙකැලෙන් වාර්තා වන්නේ.

නිමා වූ විස්සියි විස්ස තරගාවලියේ දී ඔහු සුළු ආබාධයකට ලක්වූ අතර, ඒ අනුව ඔහුට අද තරගයේ දී විවේක ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ, අනුව අද තරගයේ දී ආරම්භක පිතිකරුවන් ලෙස කුසල් මෙන්ඩිස් සමඟ අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩා කරනු ඇති.

එමෙන්ම අංක 03 ස්ථානයේ කමිඳු මෙන්ඩිස් ක්‍රීඩා කරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් කෙරෙහි කොදෙව් පිතිකරුවන් වැඩි අවදානයකින් කටයුතු කරනු ඇති බව විචාරකයින් සඳහන් කරනවා.

එමෙන්ම අද තරගයේ දී දඟ පන්දු යවන්නන්ට උචිත තණ තීරුවක් ලැබෙනු ඇති බවයි ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක චරිත් අසලංක ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් කළා.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර ජාත්‍යන්තර එක්දින තරග 65ක් මේ දක්වා පවත්වා ඇති අතර, කණ්ඩායම් දෙකම තරග 31 බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවනවා.

තරග තුනක් අවසන් වී ඇත්තේ ජය පරාජයෙන් තොරවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39