ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායමට ලකුණු 19ක ජයක්

ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම අද (17) බංග්ලාදේශ A කණ්ඩායම පරදා පන්දුවාර 20 තරග ජයක් වාර්තා කළා.

මෙම තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ දෙරට අතර නිල නොවන සිව්වැනි තරගයක් ලෙසයි.

ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 124ක් ලබාගත්තා.

එහිදී සත්‍යා සංදීපනී නොදැවී ලකුණු 46ක් සහ පියුමි වත්සලා ලකුණු 29ක් ලබා ගැනීමට සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී බංග්ලාදේශ A කණ්ඩායමේ ෆාතිමා කහටුන් සහ මරුෆා අක්තර් කඩුලු 02ක බැගින් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම ලකුණු 125ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ A කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 105ක් පමණයි.

ඒ වනවිට ඔවුන්ට තරගයේ තවත් පන්දු 03ක් ඉතිරිව තිබුණා.

කඩුලු බිඳ දැමීමේ දී චේතනා විමුක්ති සහ තාරුකා ශෙහානි කඩුලු 02ක බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායමට බංග්ලාදේශයට එරෙහිව ලකුණු 19ක විශිෂ්ට ජයක් හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11
Video thumbnail
දේශබන්දුට විරුද්ධව දාපු නඩුව නීතියට පටහැනියි - මහාධිකරණය තීන්දු කරයි
02:55
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43


?