ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායමට ලකුණු 19ක ජයක්

ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම අද (17) බංග්ලාදේශ A කණ්ඩායම පරදා පන්දුවාර 20 තරග ජයක් වාර්තා කළා.

මෙම තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ දෙරට අතර නිල නොවන සිව්වැනි තරගයක් ලෙසයි.

ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 124ක් ලබාගත්තා.

එහිදී සත්‍යා සංදීපනී නොදැවී ලකුණු 46ක් සහ පියුමි වත්සලා ලකුණු 29ක් ලබා ගැනීමට සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී බංග්ලාදේශ A කණ්ඩායමේ ෆාතිමා කහටුන් සහ මරුෆා අක්තර් කඩුලු 02ක බැගින් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම ලකුණු 125ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ A කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 105ක් පමණයි.

ඒ වනවිට ඔවුන්ට තරගයේ තවත් පන්දු 03ක් ඉතිරිව තිබුණා.

කඩුලු බිඳ දැමීමේ දී චේතනා විමුක්ති සහ තාරුකා ශෙහානි කඩුලු 02ක බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායමට බංග්ලාදේශයට එරෙහිව ලකුණු 19ක විශිෂ්ට ජයක් හිමිවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15
Video thumbnail
සජිත් මැතිතුමනි ඔබ පින මතුවේවා
01:23
Video thumbnail
ඔබතුමා එඩිතරව වැඩේ කරගෙන යන්න
00:54