AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද රාත්‍රියේ දී තායිලන්තයට එරෙහිව පිටියට

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන තුන්වැනි තරගය අද (24) රාත්‍රියේ දී පැවැත්වෙනවා.

මෙම තරගය තායිලන්තයට එරෙහිව පැවැත්වෙන්නේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී යි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම B කාණ්ඩයෙන් මෙවර තරග වදින අතර; ඔවුන් මේ වනවිට ප්‍රසාද ලකුණු පුවරුවේ ද පළමු තැන පසුවනවා.

ඒ තමන් මුහුණ දුන් තරග දෙකම විශිෂ්ට අයුරින් ජයග්‍රහණ වාර්තා කරමින්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිය පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව තරග කළ අතර එම තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 07ක විශිෂ්ට ජයක් හිමිවුණා.

ඉන්පසුව මැලේසියානු තරගය ද ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ දැවැන්ත ලකුණු 144කින්.

තායිලන්ත කණ්ඩායම සිය පළමු තරගය ලකුණු 22කින් මැලේසියාව පරාජයට පත් කරමින් ජයග්‍රහණය කළ ද; බංග්ලාදේශය ඉදිරියේ දී කඩුලු 07කින් පරාජයට පත් වුණා.

එබැවින් මෙම තරගාවලියේ මූලික වටයේ තවදුරටත් රැඳී සිටීමට නම්; අද තරගයේ ජයග්‍රහණය තායිලන්තයට අතිශය තීරණාත්මක වනු ඇති.

මේ අතර බංග්ලාදේශය සහ මැලේසියාව අතරත් අද පස්වරු 2ට තරගයක් පැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?