ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද රාත්‍රියේ දී තායිලන්තයට එරෙහිව පිටියට

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන තුන්වැනි තරගය අද (24) රාත්‍රියේ දී පැවැත්වෙනවා.

මෙම තරගය තායිලන්තයට එරෙහිව පැවැත්වෙන්නේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී යි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම B කාණ්ඩයෙන් මෙවර තරග වදින අතර; ඔවුන් මේ වනවිට ප්‍රසාද ලකුණු පුවරුවේ ද පළමු තැන පසුවනවා.

ඒ තමන් මුහුණ දුන් තරග දෙකම විශිෂ්ට අයුරින් ජයග්‍රහණ වාර්තා කරමින්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිය පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව තරග කළ අතර එම තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 07ක විශිෂ්ට ජයක් හිමිවුණා.

ඉන්පසුව මැලේසියානු තරගය ද ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ දැවැන්ත ලකුණු 144කින්.

තායිලන්ත කණ්ඩායම සිය පළමු තරගය ලකුණු 22කින් මැලේසියාව පරාජයට පත් කරමින් ජයග්‍රහණය කළ ද; බංග්ලාදේශය ඉදිරියේ දී කඩුලු 07කින් පරාජයට පත් වුණා.

එබැවින් මෙම තරගාවලියේ මූලික වටයේ තවදුරටත් රැඳී සිටීමට නම්; අද තරගයේ ජයග්‍රහණය තායිලන්තයට අතිශය තීරණාත්මක වනු ඇති.

මේ අතර බංග්ලාදේශය සහ මැලේසියාව අතරත් අද පස්වරු 2ට තරගයක් පැවැත්වෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20