AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 166ක ඉලක්කයක්

ආසියානු කුසලාන කාන්තා 20-20 තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පෙරවරු 3.00ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරම්භ වුණා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය නායිකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ, අනුව ඉන්දීය ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 165ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකාරිණී ස්මෘති මන්දනා පන්දු 47ක් තුළ ලකුණු 60ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ අතර, ජෙමිමා රොඩ්රිගස් ලකුණු 29ක් රැස් කළා.

ඊට අමතරව රිචා ගෝෂ් වේගවත් ලකුණු 30ක් ඉන්දීය ඉනිමට එක් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී කවිෂා දිල්හාරි ඉන්දීය ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමුවා.

ඒ, අනුව 2024 ආසියානු කුසලාන කාන්තා 20-20 තරගාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 166ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?