ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු 166ක ඉලක්කයක්

ආසියානු කුසලාන කාන්තා 20-20 තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පෙරවරු 3.00ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරම්භ වුණා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය නායිකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ, අනුව ඉන්දීය ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 165ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ඉන්දීය ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකාරිණී ස්මෘති මන්දනා පන්දු 47ක් තුළ ලකුණු 60ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ අතර, ජෙමිමා රොඩ්රිගස් ලකුණු 29ක් රැස් කළා.

ඊට අමතරව රිචා ගෝෂ් වේගවත් ලකුණු 30ක් ඉන්දීය ඉනිමට එක් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී කවිෂා දිල්හාරි ඉන්දීය ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමුවා.

ඒ, අනුව 2024 ආසියානු කුසලාන කාන්තා 20-20 තරගාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 166ක ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12