ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් තරගය නරඹමින් සිටි යුද හමුදා බේස්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට ප්‍රහාරයක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර, ඊයේ (30) පැවති ක්‍රිකට් තරගය නරඹමින් විනෝද වෙමින් සිටිය දී යුද හමුදා විශ්‍රාමික නිලධාරියෙකු විසින් පහර දුන් බවට පවසමින් යුද හමුදා බේස්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු රෝහල්ගතව ඇති බව කහතුඩුව පොලිසිය පවසනවා.

යුද හමුදා ජාතික බේස්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයන් 20 දෙනෙකු පුහුණුවක් සඳහා හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය වෙත මීට දින කීපයකට පෙර පැමිණ තිබෙනවා.

එහිදී ඔවුන් කුලී පදනම මත නවාතැන් ගෙන ඇත්තේ විශ්‍රාමික යුද හමුදා නිලධාරියාගේ නිවසේ බවයි වාර්තා වන්නේ.

ඊයේ (30) රාත්‍රියේ පැවති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් තරඟය, එම අවස්ථාවේ සිටි යුද හමුදා ජාතික බේස්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයින් හයදෙනෙකු පමණ නරඹා ඇති අතර ඔවුන් එහිදී මත්පැන් පානය කර විනෝද වී ඇති බවයි දැනගන්නට ලැබුණේ.

අනතුරුව රාත්‍රී 1.00ට පමණ නිවෙස් හිමි විශ්‍රාමික හමුදා නිලධාරියා සහ බිරිඳ පැමිණ ඔවුන්ට බැණ වැදී ඇති අතර, එහිදී එකිනෙකාට පහරදීමක් ද සිදුකර ගෙන තිබූ බව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව විශ්‍රාමික හමුදා නිලධාරියා තමන්ට පහර දුන් බව පවසමින් යුද හමුදා ක්‍රීඩකයෙක් රෝහල් ගතව ඇති බවයි වාර්තා වුණේ.

පහර දුන් බව කියන විශ්‍රාමික හමුදා නිලධාරියා ද ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත්ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51
Video thumbnail
පදක්කමේ ලොක්කෙක් එක්ක ගැන්සි පිටින් බැහැලා පුද්ගලයෙක්ට තගදාලා..ප#රකෑ පුද්ගලයා සියල්ල හෙළිකරයි
01:26
Video thumbnail
බුත්තලදී සිදුවූ බිහිසුණු රිය අනතුර..බයික් එකක් ටිපර් එක ය# - පාරත් කඩාගෙන ගිහින්
01:03
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
00:00


?