ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් තරගය නරඹමින් සිටි යුද හමුදා බේස්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට ප්‍රහාරයක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර, ඊයේ (30) පැවති ක්‍රිකට් තරගය නරඹමින් විනෝද වෙමින් සිටිය දී යුද හමුදා විශ්‍රාමික නිලධාරියෙකු විසින් පහර දුන් බවට පවසමින් යුද හමුදා බේස්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු රෝහල්ගතව ඇති බව කහතුඩුව පොලිසිය පවසනවා.

යුද හමුදා ජාතික බේස්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයන් 20 දෙනෙකු පුහුණුවක් සඳහා හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය වෙත මීට දින කීපයකට පෙර පැමිණ තිබෙනවා.

එහිදී ඔවුන් කුලී පදනම මත නවාතැන් ගෙන ඇත්තේ විශ්‍රාමික යුද හමුදා නිලධාරියාගේ නිවසේ බවයි වාර්තා වන්නේ.

ඊයේ (30) රාත්‍රියේ පැවති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් තරඟය, එම අවස්ථාවේ සිටි යුද හමුදා ජාතික බේස්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයින් හයදෙනෙකු පමණ නරඹා ඇති අතර ඔවුන් එහිදී මත්පැන් පානය කර විනෝද වී ඇති බවයි දැනගන්නට ලැබුණේ.

අනතුරුව රාත්‍රී 1.00ට පමණ නිවෙස් හිමි විශ්‍රාමික හමුදා නිලධාරියා සහ බිරිඳ පැමිණ ඔවුන්ට බැණ වැදී ඇති අතර, එහිදී එකිනෙකාට පහරදීමක් ද සිදුකර ගෙන තිබූ බව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව විශ්‍රාමික හමුදා නිලධාරියා තමන්ට පහර දුන් බව පවසමින් යුද හමුදා ක්‍රීඩකයෙක් රෝහල් ගතව ඇති බවයි වාර්තා වුණේ.

පහර දුන් බව කියන විශ්‍රාමික හමුදා නිලධාරියා ද ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත්ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17