ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගය අද, කාලගුණයත් යහපත්

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අයර්ලන්තයට එරෙහිව අද (23) පැවැත්වීමට නියමිතයි.

හෝබාර්ට්හි බෙලරිව් ඕවල් ක්‍රීඩාංගනයේ දී මෙම තරගය පැවැත්වෙන අතර, තරගය පැවැත්වෙන ක්‍රීඩාංගනය පිහිටි ප්‍රදේශයට මේ වනවිට යහපත් කාලගුණ තත්ත්වයක් පවතින බවයි වාර්තා වන්නේ.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එක් නොවන අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පිළේ ආරම්භ පිතිකරුගේ වගකීම ධනංජය සිල්වා වෙත හිමිවනු ඇති බවයි විචාරකයින් මත පළ කරන්නේ.

පැතුම් නිස්සංක වෙනුවට බොහෝ දුරට අශේන් බණ්ඩාර අද තරගයට ක්‍රීඩා කරනු ඇති බවයි ඕස්ට්‍රේලියාවෙන් තොරතුරු වාර්තා වන්නේ.

අද තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?