ශ්‍රී ලංකාව ළඟින් යන නෞකාවලින් ඩොලර් ගන්න සැලසුමක්

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලින් වාර්ෂිකව ඩොලර් ආදායම් ලැබිය හැකි පරිදි “විද්‍යුත් නාවික සිතියම්” නිර්මාණය කිරීමට අවශ්‍ය නෛතික බලය ලැබෙන ජාතික ජලශාස්ත්‍රීය පනතේ අඩංගු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු වුණා.

ඒ, එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

1983 සිට ලංකා මුහුදු සීමාවෙන් ගමන් ගන්නා නෞකාවලින් ඩොලර් ලබාගැනීමේ අයිතිය පැවතිය ද එය භාවිත නොකර ඇති බව මේ අවස්ථාව සඳහා සහභාගී වූ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුවා.

ඒ, අනුව ඒ සඳහා අවශ්‍යය නෛතික බලය මෙම පනත් කෙටුම්පත සම්මතවීම හරහා ශ්‍රී ලංකාවට ලැබෙන බව අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

එමෙන්ම මෙම පනත මගින් ජාතික ජලශාස්ත‍්‍රීය කාර්යාලය පිහිටුවීම හරහා ජල‍ශාස්ත‍්‍රීය මිනින්දෝරුවරුන් සහ නාවික සිතියම් නිර්මාණ ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ ඒ හා සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම ද මෙම පනතේ අරමුණ වී ඇති බව කාරක සභාව හමුවේ අදහස් දක්වමින් නිලධාරීන් පැවසුවා.

දකුණු මුහුද ම ආවරණය කරමින් නැව් ගමනාගමනය සඳහා එංගලන්ත රාජකීය නාවික හමුදාව විසින් සිතියම් 0 3ක් නිර්මණය කර ඇති බව නාවික හමුදාව මෙහිදී ප්‍රකාශ කළා.

ඒ අනුව මේ දක්වා එම සිතියම් නිර්මාණය සඳහා ශ්‍රී ලංකාවෙන් ලබා දී ඇත්තේ දත්ත පමණක් බව එම නිලධාරීන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

කෙසේ වෙතත් මෙම පනත ඔස්සේ ගවේෂණය කර දත්ත ලබාගෙන අදාළ මුහුදු ප්‍රදේශ සඳහා සිතියම් නිර්මාණය කිරිමේ බලය මෙරට හිමිවන බව නාවික හමුදා නිලධාරීන් විසින් කාරක සභාව දැනුවත් කළා.

මෙම යාවත්කාලීන වන දත්ත පදනම් කරගනිමින් අදාළ සිතියම් ද යාවත්කාලීන කර ඩොලර් උත්පාදනය කළ හැකි බව එම නිලධාරීන් වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA) නිලධාරීන් මෙම පනත් කෙටුම්පත තුළින් ඔවුන්ගේ ආයතනය මගින් සිදුකරනු ලබන යම් කටයුතු ප්‍රමාණයක් ගිලිහෙන බව පැවසුවා.

කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පත මේ වනවිට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත බව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා විවාදයේ කාරක සභා අවස්ථාවේ දී ඒ සඳහා ද සංශෝධන එක් කිරීමට නාරා ආයතනයට අදාළ අමාත්‍යවරයා හරහ‍ා අවස්ථාව සැලසෙන බව පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21