ශ්‍රී ලංකාව මත් කරන පාකිස්තාන කුඩු ජාවාරම් ජාලය

නවීන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් ජාල මගින් පහසුකම් සපයන අසල්වැසි පාකිස්තානයෙන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය ගලා ඒම ශ්‍රී ලංකාව මුහුණදෙන බරපතළ අර්බුදයක් බවට පත් ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් සක්‍රීය කිරීමට සහ ආරක්ෂා කිරීමට පාකිස්තානයේ හමුදා බුද්ධි අංශ සහ අනෙකුත් රාජ්‍ය ක්‍රියාකාරීන්ගේ මැදිහත් වීම ජාත්‍යන්තර ප්‍රජාවට තවදුරටත් නොසලකා හැරිය නොහැකි ප්‍රසිද්ධ රහසක් බවයි.

පසුගියදා ශ්‍රී ලංකා බලධාරීන් විසින් රුපියල් මිලියන 73.5ක් වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 2.5කට අධික ප්‍රමාණයක් රැගෙන ආ පාකිස්තාන කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුගිය වසරේ දී අයිස් කිලෝග්‍රෑම් 614ක් සහ වෙනත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 581ක් බෝට්ටුවක් මගින් ප්‍රවාහනය කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් පාකිස්තානුවන් 9 දෙනෙකුට අධිකරණය 10 වසරක සිර දඬුවම් නියම කළා.

මීට අමතර ව, මෙරටට පැමිණීමට නියමිත ව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 80කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 86ක් රැගෙන යමින් තිබූ පාකිස්තාන නෞකාවක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් සිය භාරයට ගනු ලැබුවා.

මෙම සිදුවීම් නියෝජනය කරන්නේ විශාල ගැටලුවේ කොටසක් පමණයි.

මත්ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ඇෆ්ගනිස්ථානයෙන් ලබා ගන්නා අතර පාකිස්තානයේ මක්‍රාන් වෙරළ තීරයෙන් ආරම්භ වන “හැෂ් අධිවේගී මාර්ග” ලෙස හඳුන්වන මුහුදු මාර්ග හරහා ජාවාරම් කටයුතු සිදු කෙරෙනවා.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කොරිඩෝවේ මුර සංචාරයේ යෙදෙන ජාත්‍යන්තර නාවික හමුදා විසින් පසුගිය වසර දෙක තුළ ඉන්දියානු සාගරයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 900කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සිය භාරයට ගෙන ඇති බවයි හෙළි ව ඇත්තේ.

සාක්ෂි මගින් මෙම දැවැන්ත මත්ද්‍රව්‍ය නැව්ගත කිරීම් සමග පාකිස්තාන බුද්ධි අංශ සහ ත්‍රස්තවාදී කණ්ඩායම් සම්බන්ධ බව අනාවරණ වනවා.

2015 එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ගෝලීය වෙළෙඳපොළ සඳහා ඇෆ්ගනිස්ථාන- පාකිස්තාන හෙරොයින්වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් සඳහා මූලික සංක්‍රමණ ස්ථානය ලෙස පාකිස්තානය හඳුනාගෙන තිබෙනවා.

පාකිස්තාන මත්ද්‍රව්‍ය ජාලය ශ්‍රී ලංකාව සහ එහි අසල්වැසි රටවල් පුරා පැතිර පවතින්නක්.

පසුගියදා ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ISIS ක්‍රියාකාරීන් සිව්දෙනා ද පාකිස්තානු ජාතිකයෙකුට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූවන් බව හෙළි කර ගැණුනා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) වැනි සාමූහික ආරක්ෂක සංසද ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව, මත්ද්‍රව්‍ය රජවරුන්, අපරාධ ජාල සහ ත්‍රස්ත ක්‍රියාකරුවන් සමග පාකිස්තාන රාජ්‍ය අනුග්‍රහය පිළිබඳ විමර්ශනය සහ වගවීම තීව්‍ර කළ යුතු තත්ත්වයක මේ වනවිට ගෝලීය සමාජ පසුබිම පත් ව තිබෙනවා.

කලාපීය ආරක්ෂාව අස්ථාවර කරන පාකිස්තාන සම්භවයක් ඇති මත්ද්‍රව්‍ය ජාල මර්දනය කිරීමට චීනය සහ එක්සත් ජනපදය යන දෙඅංශයෙන් ම අභිසාරී අවශ්‍යතාවක් පැන නැගී ඇති බවක් දක්නට ලැබෙනවා.

ප්‍රධාන ණයහිමියෙකු ලෙස, චීනය මත්ද්‍රව්‍ය මාෆියාවන් සහ ත්‍රස්ත ප්‍රොක්සි සමග සබඳතා අත්හැරීමට පාකිස්තාන හමුදාවට බල කිරීම සඳහා එහි බලපෑම භාවිතා කළ යුතුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

වැඩිදියුණු කළ නීති සම්පාදනය, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ධාරිතා ගොඩනැගීම සහ ජාත්‍යන්තර ආරක්ෂක හවුල්කාරිත්ව ඇති කිරීම තුළින් මත්ද්‍රව්‍ය නල මාර්ගය වසා දැමීමට ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වය දිය යුතු බව‍යි ඔවුන්ගේ යෝජනා අතර දැක්වෙන්නේ.

පාකිස්තානයේ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයට මුහුණදීම මෙරට ස්ථාවරත්වයට සහ අනාගතයට මෙන් ම කලාපීය සහ ගෝලීය ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බවට එය මේ වනවිට පත් ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58