ශ්‍රී ලංකාව අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කර ඇතැයි IMF විධායක අධ්‍යක්ෂ කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහන සඳහා ශ්‍රී ලංකාව විසින් සපුරාලිය යුතු අවශ්‍යතා සියල්ලම සම්පූර්ණකර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් මහතා පවසනවා.

ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා සිදු කරන ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට සහ දුෂ්කර අවස්ථාවන් හිදී සිදු කරන බදු වැඩිකිරීම් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලාංකේය නායකත්වය විසින් ප්‍රදර්ශනය කරන දේශපාලන අධිෂ්ඨානය ඉතා අගය කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවූ ආචාර්ය සුබ්‍රමනියන් මහතා පැවසුවේ ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහන පැකේජයට ශ්‍රී ලංකාව විසින් සපුරාලිය යුතු අවශ්‍යතා සියල්ලම පාහේ සම්පූර්ණකර ඇති අතර ප්‍රධාන ණය දෙන රටවල අවසාන සහතික කිරීම් සිදු කිරීමෙන් අනතුරුව අදාළ ක්‍රියාවලිය අවසන් වනු ඇති බවයි.

2018 සිට 2021 දක්වා ඉන්දීය රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක ලෙස කටයුතු කළේ ආචාර්ය සුබ්‍රමනියන් මහතායි.

“අපි ඔබ වෙනුවෙන් සෘජුව ඉදිරියට ක්‍රීඩා කරන අතර අවශ්‍ය විටෙක, අපි කවර් ඩ්‍රයිව් ද ක්‍රීඩා කරනනෙමු යැයි ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිත වාග් මාලාවෙන් ඒ මහතා මෙහිදී සඳහන් කළා.

රට මුහුණ දී ඇති පෙර නොවූ විරූ ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා දේශීය ඉල්ලුමට සරිලන පරිදි සහ අපනයනය වෙනුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී IMF නියෝජිත පිරිස දැනුවත් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය නොවන ආනයන අඩු කිරීමට සහ අපනයන නිෂ්පාදන ඉහළ නැංවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම සමාජයේ දුප්පත්ම කොටස් සඳහා සුබසාධනයේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන් පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ආර්ථිකය පුනර්ජීවනය කිරීමට සැලසුම් සකස් කිරීමේදී ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා ආරක්‍ෂිත දැලක් අත්‍යවශ්‍ය වන බවයි ආචාර්ය සුබ්‍රමනියන් මහතා කියාසිටියේ.

කෙසේ වෙතත්, රාජ්‍ය අංශයට අවම වශයෙන් වැටුප් සහතික කර ඇති නමුත් තවත් බොහෝ දෙනෙකුට ආදායම් මාර්ග අහිමි වී ඇති බැවින් කැපකිරීම් කිරීමට සූදානම් විය යුතු බව ද ඔහු අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16