ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහන සඳහා ශ්‍රී ලංකාව විසින් සපුරාලිය යුතු අවශ්‍යතා සියල්ලම සම්පූර්ණකර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් මහතා පවසනවා.
ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා සිදු කරන ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට සහ දුෂ්කර අවස්ථාවන් හිදී සිදු කරන බදු වැඩිකිරීම් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලාංකේය නායකත්වය විසින් ප්‍රදර්ශනය කරන දේශපාලන අධිෂ්ඨානය ඉතා අගය කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවූ ආචාර්ය සුබ්‍රමනියන් මහතා පැවසුවේ ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහන පැකේජයට ශ්‍රී ලංකාව විසින් සපුරාලිය යුතු අවශ්‍යතා සියල්ලම පාහේ සම්පූර්ණකර ඇති අතර ප්‍රධාන ණය දෙන රටවල අවසාන සහතික කිරීම් සිදු කිරීමෙන් අනතුරුව අදාළ ක්‍රියාවලිය අවසන් වනු ඇති බවයි.
2018 සිට 2021 දක්වා ඉන්දීය රජයේ ප්‍රධාන ආර්ථික උපදේශක ලෙස කටයුතු කළේ ආචාර්ය සුබ්‍රමනියන් මහතායි.
“අපි ඔබ වෙනුවෙන් සෘජුව ඉදිරියට ක්‍රීඩා කරන අතර අවශ්‍ය විටෙක, අපි කවර් ඩ්‍රයිව් ද ක්‍රීඩා කරනනෙමු යැයි ක්‍රිකට් ක්‍රීඩාව ආශ්‍රිත වාග් මාලාවෙන් ඒ මහතා මෙහිදී සඳහන් කළා.
රට මුහුණ දී ඇති පෙර නොවූ විරූ ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා දේශීය ඉල්ලුමට සරිලන පරිදි සහ අපනයනය වෙනුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී IMF නියෝජිත පිරිස දැනුවත් කර තිබෙනවා.
අත්‍යවශ්‍ය නොවන ආනයන අඩු කිරීමට සහ අපනයන නිෂ්පාදන ඉහළ නැංවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම සමාජයේ දුප්පත්ම කොටස් සඳහා සුබසාධනයේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.
අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන් පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ආර්ථිකය පුනර්ජීවනය කිරීමට සැලසුම් සකස් කිරීමේදී ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා ආරක්‍ෂිත දැලක් අත්‍යවශ්‍ය වන බවයි ආචාර්ය සුබ්‍රමනියන් මහතා කියාසිටියේ.
කෙසේ වෙතත්, රාජ්‍ය අංශයට අවම වශයෙන් වැටුප් සහතික කර ඇති නමුත් තවත් බොහෝ දෙනෙකුට ආදායම් මාර්ග අහිමි වී ඇති බැවින් කැපකිරීම් කිරීමට සූදානම් විය යුතු බව ද ඔහු අවධාරණය කළා.














MUN OKKOMA KEPA KIREEM BALAPOROTHTHUWENNE BOHOMA ASEERUWEN JEEWATH WENNA TRY KARANA APEN. ME PADADA NAKI HAMPADA GON HATHTHA ABA MAL RENUWAKA MONAMA KEPA KIREMMAK HO ADU KIREMAK KARALA NAHE. MUN FULL SHAPAN EKE FULL JOLLY MOOD EKE INNAWA. OYA 225 N EKEK WATH MINISSUNGE DUKA GENA KATHA KARANNE NAHE. MUN MINISSU EKKA INNE PUDUMA WAYIRAYAKIN, KENTHIYAKIN, DAKKE NAHE, AHUNE NAHE, DANUNE NAHE, DANNE NAHE WAGEYI AHAKA BALAGENA INNE. MUNTA DIGATAMA BALA KARANNA ONA AWASHYA CHANDA THIYANNA ONEMAYI KIYALA. EKEN THAMAYI MINISSU BALAPOROTHTHU ENA WENASA TA PARA KAPENNE.