AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකාවේ රිලවුන් ගැන චීනය තවමත් බලාපොරොත්තුවෙන්

චීනය තවමත් ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලබා ගැනීමට උනන්දුවෙන් පසුවන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ පසුගියදා සිය චීන සංචාරයේ දී පෞද්ගලික සත්වෝද්‍යාන සමාගම් ශ්‍රී ලංකාවේ රිලවුන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළ බවයි.

චීනයේ පෞද්ගලික සත්වෝද්‍යාන සමාගම් තවමත් ශ්‍රී ලංකාවේ රිලවුන් ප්‍රදර්ශන කටයුතු සඳහා ලබා ගැනීමට බලාපොරොත්තු වන අතර සත්ත්ව ක්‍රියාකාරීන්ගේ සහ සංවිධානවල ක්‍රියාකලාපය හමුවේ අපට ඉදිරියට යාමට නොහැකි වී ඇති බවයි මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ.

චීනයේ පෞද්ගලික සත්වෝද්‍යාන 20,000ක් පමණ වන බව සඳහන්.

මෙම පියවරට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් කරුණු දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ රිලවුන් චීනයට අපනයනය කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද නිකුත් වී ඇති බවයි.

වසරකට පොල් ගෙඩි මිලියන 700කට ආසන්න ප්‍රමාණයක් ඇතුළුව වගාවන් විනාශ කිරීමට රිලවුන් ඇතුලු සතුන් ප්‍රධාන හේතුවක් බව අවධාරණය කළ අමාත්‍ය අමරවීර මහතා සඳහන් කළේ වගා විනාශයට විසඳුම් සෙවීම සඳහා විකල්ප ක්‍රම පිළිබඳව රජයට දැන් සොයා බැලීමට සිදුවනු ඇති බවයි.

ඇතැම් වන සතුන් විසින් වගාවන් විනාශ කිරීම සඳහා විසඳුමක් ලබාදෙන ලෙසට අමාත්‍යවරයා ආරක්ෂක හා වනජීවී සංරක්ෂණ අමාත්‍යාංශවලට ද පාර්ලිමේන්තුවේදී යෝජනා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?