ශ්‍රී ලංකාවේ රිලවුන් ගැන චීනය තවමත් බලාපොරොත්තුවෙන්

චීනය තවමත් ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලබා ගැනීමට උනන්දුවෙන් පසුවන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ පසුගියදා සිය චීන සංචාරයේ දී පෞද්ගලික සත්වෝද්‍යාන සමාගම් ශ්‍රී ලංකාවේ රිලවුන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළ බවයි.

චීනයේ පෞද්ගලික සත්වෝද්‍යාන සමාගම් තවමත් ශ්‍රී ලංකාවේ රිලවුන් ප්‍රදර්ශන කටයුතු සඳහා ලබා ගැනීමට බලාපොරොත්තු වන අතර සත්ත්ව ක්‍රියාකාරීන්ගේ සහ සංවිධානවල ක්‍රියාකලාපය හමුවේ අපට ඉදිරියට යාමට නොහැකි වී ඇති බවයි මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ.

චීනයේ පෞද්ගලික සත්වෝද්‍යාන 20,000ක් පමණ වන බව සඳහන්.

මෙම පියවරට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් කරුණු දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ රිලවුන් චීනයට අපනයනය කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද නිකුත් වී ඇති බවයි.

වසරකට පොල් ගෙඩි මිලියන 700කට ආසන්න ප්‍රමාණයක් ඇතුළුව වගාවන් විනාශ කිරීමට රිලවුන් ඇතුලු සතුන් ප්‍රධාන හේතුවක් බව අවධාරණය කළ අමාත්‍ය අමරවීර මහතා සඳහන් කළේ වගා විනාශයට විසඳුම් සෙවීම සඳහා විකල්ප ක්‍රම පිළිබඳව රජයට දැන් සොයා බැලීමට සිදුවනු ඇති බවයි.

ඇතැම් වන සතුන් විසින් වගාවන් විනාශ කිරීම සඳහා විසඳුමක් ලබාදෙන ලෙසට අමාත්‍යවරයා ආරක්ෂක හා වනජීවී සංරක්ෂණ අමාත්‍යාංශවලට ද පාර්ලිමේන්තුවේදී යෝජනා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48