ශ්‍රී ලංකාවට IMF සහාය ලබාගැනීමට අවශ්‍ය මූල්‍ය සහතිකය ලබාදුන් බව ඉන්දීය විදේශ ඇමති කියයි

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය සහතිකය ලබාදීමට ඉන්දියාව කටයුතු කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්කිරීම සඳහා ණය හිමියන් ක්‍රියාශීලිව පියවරගත යුතු බව ඉන්දියාව දැඩි ලෙස විශ්වාස කරන බවත්, එබැවින් අන් පාර්ශව දෙස බලා නොසිට නිවැරදි යැයි සිතන පියවර ගැනීමට ඉන්දියාව තීරණය කළ බවයි විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

අද (20) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකාව නිසැකවම වත්මන් ආර්ථික අභියෝගය ජයගන්නා බව ඉන්දියාව විශ්වාස කරන අතර, විශ්වාසවන්ත මිතුරෙකු ලෙස ඉන්දියාව මෙම අසීරු කාලසීමාවේදී ශ්‍රී ලංකාව සමඟ සිටින බවයි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා කියාසිටියේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීම සඳහා ඉන්දියාවෙන් ලබාගත හැකි සහාය පිළිබඳ සාකච්ඡා කිරීමට හැකි ඉක්මණින් ඉන්දියාවට පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය න‍රේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනය තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදුන් බව ද ඔහු ප්‍රකාශ කළා.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශ්වාසදායක අසල්වැසියෙක් සහ විශ්වාසවන්ත හවුල්කරුවෙකු බවත්, මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට යළි ප්‍රකෘතිමත්වීම සඳහා අමතර පියවර ගණනාවක් වුවත් ඉදිරියට තැබීමට ඉන්දියාව සූදානම් බවයි ජයශංකර් මහතා පැවසුවේ.

ශ්‍රී ලාංකික ආර්ථිකය යළි ප්‍රකෘතිමත් තත්ත්වයට පැමිණිම සඳහා එම ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර වන බලශක්තිය, සංචාරක ව්‍යාපාරය සහ යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයන් තුළ ආයෝජන සිදු කිරීමට ආ‍යෝජකයන් දිරි ගන්වන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දීය විදේශ අමාත්‍යවරයා….

තිරසාර ආදායම් මාර්ගයක් බවට පත් කළ හැකි අතිවිශාල පුනර්ජනනීය බලශක්ති විභවයක් ශ්‍රී ලංකාව සතුව පවතිනවා. ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාවට එවන් ක්‍රියාවකට මුලපිරීම සඳහා විශ්වාසනීය හවුල්කරුවෙකු වීමට ඉන්දියාව සූදානමින් සිටිනවා. මෙම සහයෝගීතාව ඉදිරියට ගෙන යන පුනර්ජනනීය බලශක්ති රාමුව පිළිබඳ අද පැවති සාකච්ඡාවලදී ද එකඟතාව පළ කෙරුණා.

මෙවන් ක්‍රියාදාමයක් ආරම්භ කීරීම සදහා උත්තේජනයක් ලෙස ශ්‍රී ලංකාව තුළ වඩා යහපත් ව්‍යාපාර හිතකාමී පරිසරයක් නිර්මාණය කළයුතුයි. නීති සම්පාදකයින් මෙහි ඇති වැදගත්කම අවබෝධකරගනු ඇතැයි මම සිතනවා.

මේ සඳහා අද ශ්‍රී ලංකාවට ඇති බරපතල අභියෝගයක් වන්නේ බලශක්ති සුරක්ෂිතතාවයි. මෙවන් වාතාවරණයකදී සොයාගනු ලබන විසඳුම් විශාල කලාපයක් ආවරණය කළ යුතුයි. එහි සම්පූර්ණ ප්‍රතිලාභය ශ්‍රී ලංකාවට හිමි වන්නේ එවිටයි.

සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකා ආර්ථිකයේ ජීවනාලිය වන අතර ඉන්දීය සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට සිය කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. දෙරට අතර සබඳතා වඩාත් ශක්තිමත් කරමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කැපවීම තුළින් එහි යහපත් ප්‍රතිඵල ළඟාකරගත හැකියි.

මෙම දුෂ්කර අවස්ථාවේදී ඉන්දියාවේ සහයෝගීතාව ශ්‍රී ලංකාවට පළ කිරීම මගේ මෙම සංචාරයේ අරමුණයි . ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් මිදීමට උපකාරයක් ලෙස පසුගිය වසරේ ඉන්දියාව ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් පමණ ණය පහසුකම් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්කිරීම සඳහා එම ණයහිමියන් ක්‍රියාශීලිව පියවර ගත යුතු බව ඉන්දියාව දැඩි ලෙස විශ්වාස කරනවා. එබැවින් අන් පාර්ශ්වයන් දෙස බලා නොසිට නිවැරදි යැයි සිතන පියවර ගැනීමට ඉන්දියාව තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකාවට යළි ප්‍රකෘත්මත්වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය සහතිකය ලබාදීමට අපි කටයුතු කළා.

අපේ අපේක්ෂාව වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහාය දක්වන අතරම සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සමානව කටයුතු කිරීම සහතික කිරීමයි. ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය උදෙසා ඉන්දියාව සැමවිටම සහාය වනවා.

දේශපාලන බලය බෙදීම පිළිබඳ ප්‍රශ්නය සහ ඒ පිළිබඳ ජනාධිපතිවරයාගේ අදහස් මා සමඟ ප්‍රකාශ කළා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළයුතුය යන අපේ අදහසත්, පළාත් සභා මැතිවරණ හැකි ඉක්මණින් පැවැත්වීම පිළිබඳ අදහසත් පිළිබඳ මම ඔහුව දැනුවත් කළා.

දිගුකාලීන ප්‍රතිසන්ධානයක් සඳහා උත්සාහයන් ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස්වල යහපත සඳහා හේතු වනවා. ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ප්‍රජාවගේ අවශ්‍යතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් මම විශ්වාස කරනවා.

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රි…

පසුගිය වසරේ ශ්‍රී ලංකාව මෙතෙක් අත්විඳින ලද බරපතලම ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. එහිදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය කෘතවේදීව සිහිපත් කළයුතුයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික හා මූල්‍ය ස්ථාවරත්වය යම් මට්ටමකට නැවත පත්කර ගැනීම වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඉන්දියාව ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක ණය පහසුකම් මෙන්ම ශ්‍රී ලංකාවට අනෙකුත් මානුෂීය ආධාර ලබා දෙමින් දැක්වූ සහයෝගය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට සහ ඉන්දීය රජයට කෘතඥතාව පිරිනැමීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවලදී මේ වන විට ශ්‍රී ලංකාව සිටින්නේ තීරණාත්මක සංධිස්ථානයකයි. ණයහිමියෙකු ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහතිකයක් ලබා දී තිබෙනවා.

ඉන්දියාව නුදුරේදීම හෝ ඇතැම්විට දැනටමත් විශාලතම හා වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන්ගෙන් එකක් වනු ඇතැයි අප විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව ඉන්දියාවේ මෙම ආර්ථික සාර්ථකත්වය සහ ජාත්‍යන්තර කීර්තිය දෙස බලා සිටින්නේ මහත් ප්‍රශංසාවකින් බවත් කිව යුතුයි.

ඉන්දියාවේ එම වර්ධනය මෙම කලාපයට මෙන්ම ශ්‍රී ලංකාවටද ප්‍රයෝජනවත් වනු ඇති අතර ඉන්දියාවේ හොඳ හිත සහ හවුල්කාරිත්වය සමඟ වත්මන් අර්බුදයෙන් ගොඩ ඒමට හැකි බව අප විශ්වාස කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?