ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාව හමුවේ දෙවැනි තරගයෙනුත් අමිහිරි පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2023 – 2025 ටෙස්ට් ලෝක කුසලානය ගැන තබා තිබෙන බලාපොරොත්තුව තවදුරටත් බිඳ දමන්නට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

ඒ අද (09) දින Gqeberha ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ලකුණු 109කින් දරුණු පරාජයක් ශ්‍රී ලංකාවට උරුමකර දෙමින්.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ව පිතිකරණය තෝරාගනිමින් සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 358ක් රැස් කරගත්තා.

එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර මංගල ටෙස්ට් ශතකය වාර්තා කරගත් Ryan Rickelton ලකුණු 101ක් ලබා ගත්තා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පළමු ඉනිමේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ කඩුලු රකින ක්‍රීඩක Kyle Verreynne.

ඔහු නොදැවී ලකුණු 105ක් රැස් කළ අතර නායක ටෙම්බා බවුමා ලකුණු 78ක් රැස් කළා.

පළමු ඉනිමට කඩුලු බිඳ දැමීමේ දී ශ්‍රී ලංකා පන්දු බලඇණියෙන් ළහිරු කුමාර ලකුණු 79කට කඩුලු 04ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 03ක්, විශ්ව ප්‍රනාන්දු කඩුලු 02ක් සහ ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ලක් ලබා ගත්තා.

ඉන් අනතුරුව සිය පළමු ඉනිම පිතිකරණය ඇරඹි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 328කට සියල්ලන් ම දැවී ගියා.

එහිදී පැතුම් නිස්සංක ලකුණු 89ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 48ක් සහ දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජිලෝ මැතිව්ස් ලකුණු 44 බැගින් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 30ක් පිටිපසින් සිටිමින් සිය පළමු ඉනිම නිමා කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් පළමු ඉනිමට කඩුලු උදුරා ගැනීමේ දී ඩේන් පැටර්සන් ලකුණු 71කට කඩුලු 05ක් ද, මාර්කෝ ජැන්සන් සහ කේෂව් මහරාජ් කඩුලු 02ක බැගින් බිඳ හෙලුවා.

කගිසො රබඩා එක් කඩුල්ලකට හිමිකම් කිව්වා.

ඉන් අනතුරුව ලකුණු 30ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිමට පිතිකරණය ඇරඹූ දකුණු අප්‍රිකාව සියල්ලන් ම දැවී ලකුණු 317ක් ලබාගත්තා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් පැවති ටෙස්ට් තරග දෙකේ දී ඉනිම් 04ක දී ම අර්ධ ශතක හතරක් රැස් කරගත් නායක බවුමා මෙම ඉනිමේ දී ද ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 66ක් ලබා ගැනීම කැපී පෙනුණා.

මාක්‍රම් ලකුණු 55යි.

ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 47යි.

දෙවැනි ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුලු 05ක්, විශ්ව ප්‍රනාන්දු කඩුලු 02ක් සහ ළහිරු කුමාර හා අසිත කඩුල්ලක් බැගින් බිඳ දැමුවා.

ඒ අනුව තීරණාත්මක දෙවැනි ටෙස්ට් තරගය ජයග්‍රහණයට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 348ක්.

නමුත් සිව්වැනි දිනයට තරගය නතර කරන විට අර්ධ ශතක ද්විත්වයක් ආසන්නයේ රැඳී සිටි නායක ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් ගැන ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් තැබූ බලාපොරොත්තු බිඳී යාමට වැඩිවේලා ගත වූයේ නැහැ.

තරගය අද පෙරවරුවේ ඇරඹි පැයක් යාමට පෙර කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් ලබා සිටියදී කේෂව් මහරාජ් යොමු කළ පන්දුවක් පිත්තේ වැදී මාක්‍රම්ගෙ විශිෂ්ට පන්දු රැකීමෙන් ක්‍රීඩාගාරයට යළි හරවා යැවුණා.

ධනංජය ද සිල්වා ලකුණු 50කට දැවී ගියේ කගිසෝ රබාඩා යොමු කළ පන්දුවකට අනවශ්‍ය පහරක් එල්ල කිරීමට යාමෙන්.

දිගින් දිගටම තරගාවලියේ ම අසාර්ථක වූ දිමුත් කරුණාරත්න ද දෙවැනි ඉනිමේ දීත් එක් ලකුණකට ක්‍රීඩාගාරයේ අසුන්ගත වුණා.

පිතිකරුවන්ගේ පිතිකරණ විලාසයේ වගකීමක් ගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පෙළ ක්‍රීඩකයින් ලෙස පැමිණෙන පන්දු යවන්නන් වන ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු කුමාර එක් ව යම්තාක් දුරකට ජයග්‍රහණය පෙනෙන මානයට කණ්ඩායමේ ලකුණු පුවරුව රැගෙන ආව ද එය ජයග්‍රහණයට නම් ප්‍රමාණවත් වූයේ නැහැ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දකුණු අප්‍රිකාවේ කේෂව් මහරාජ් ලකුණු 76කට කඩුලු 05ක්, පැටර්සන් සහ රබාඩා කඩුලු 02ක බැගින් බිඳ දැමීමට සමත් වුණා.

ජැන්සන් එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

ඒ අනුව අවසන් ටෙස්ට් තරගය ලකුණු 109කින් ජය ගැනීමට සත්කාර දකුණු අප්‍රිකානුවෝ සමත් වුණා.

තරගයේ වීරයා සම්මානය ඩේන් පැටර්සන් විසින් දිනාගනු ලැබූ අතර තරගාවලියේ වීරයා සම්මානය, ටෙස්ට් තරග දෙකක දී ඉනිම් 04කින් අර්ධ ශතක හතරක් ලබා ගනිමින් මුළු ලකුණු 327ක් ලබාගත් නායක බවුමාට හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
4
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10