ශ්‍රී ලංකාවට තීරණාත්මක අද තරගයට වැස්සෙන් බාධාවන ලකුණු

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අද (09) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පවත්විඅට නියමිතව තිබෙනවා.

තරග තුනකින් සමන්විත මෙම විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ, අනුව තරගාවලියේ ජයග්‍රහණයේ කෙරෙහි බලාපොරොත්තු තබා ගැනීමට නම් අද පැවැත්වෙන තරගය ජයගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්ය වනවා.

මේ අතර අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමේ වැඩි සම්භාවිතාවක් පවතිනවා.

එමෙන්ම ඊයේ දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු සැසිය ද වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට කණ්ඩායම් දෙකටම සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?