AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙකු මරුට

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙකු මියගොස් තිබෙනවා.

23 හැවිරිදි මෙම තරුණයා හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇති බවටයි නල්ලතන්නිය පොලිසිය සඳහන් කළේ.

කන්දකැටිය ප්‍රදේශයේ සිට වන්දනා නඩයක් සමග ශ්‍රී පාද වන්දනාවේ පැමිණි මෙම තරුණයා ශ්‍රී පාදය දක්වා ගමන් කරමින් සිටියදී අද අලුයම ඉඳිකටුපාන ප්‍රදේශයේදී හදිසියේ අසනීප වී තිබෙනවා.

අනතුරුව ඔහු මස්කෙළිය රෝහලට ඇතුලත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මියගොස් ඇත්තේ මීගහකිවුල කරමැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?