AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රීලනිපයේ ජාතික සංවිධායකවරු පත් කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙවර ජනාධිපතිවරණයේ දී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීම වඩාත් සුදුසු තීරණයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසනවා.

අද පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ජාතික සංවිධායකවරු පත් කිරීමේ හමුවට එක්වෙමින් දුමින්ද දිසානායක මේ බව කියා සිටියා.

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිනවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද සිය ජාතික සංවිධායකවරුන් පත් කිරීම සිදු කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මෙම පත් කිරීම් සිදු කෙරුණේ එහි සභාපති නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී පුරප්පාඩුව පැවති ජාතික සංවිධායකවරුන් හා ආසන සංවිධායකවරුන් 160 දෙනෙකු පත් කිරීමට කටයුතු කෙරුණා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් වන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ජීවන් කුමාරතුංග ඇතුළු ජ්‍යේෂ්ඨ සාමාජිකයින් පිරිසක් ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
6
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?