ශ්‍රීලනිපයේ ජාතික සංවිධායකවරු පත් කෙරේ

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙවර ජනාධිපතිවරණයේ දී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීම වඩාත් සුදුසු තීරණයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසනවා.

අද පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ජාතික සංවිධායකවරු පත් කිරීමේ හමුවට එක්වෙමින් දුමින්ද දිසානායක මේ බව කියා සිටියා.

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිනවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද සිය ජාතික සංවිධායකවරුන් පත් කිරීම සිදු කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මෙම පත් කිරීම් සිදු කෙරුණේ එහි සභාපති නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී පුරප්පාඩුව පැවති ජාතික සංවිධායකවරුන් හා ආසන සංවිධායකවරුන් 160 දෙනෙකු පත් කිරීමට කටයුතු කෙරුණා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් වන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ජීවන් කුමාරතුංග ඇතුළු ජ්‍යේෂ්ඨ සාමාජිකයින් පිරිසක් ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
6
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රඛිත රාජපක්ෂ, චරිත් සහ අරුණ තවදුරටත් රිමාන්ඩ් - මූණත් වහගෙන නිල්පාට බස් එකෙන් ගිය හැටි
00:48
Video thumbnail
හිටපු පොලිස්පතිගේ එළොව යෑම ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - CD වික්‍රමරත්න ප්‍රබල සාක්ෂියක් දුන්නා
09:16
Video thumbnail
BREAKING "මේකට ආණ්ඩුව වගකීම ගන්න ඕනේ" - හිටපු පොලිස්පතිගේ මරණය ගැන විශේෂ අනාවරණයක්
01:14
Video thumbnail
හිටපු පොලිස්පති ගැන ප්‍රබල හෙළිදරව්වක් - හිටපු පාලකයෝ එක්ක සමීප සම්බන්ධකම් තිබුණා ?
03:42
Video thumbnail
මේ රටේ අපි තමයි ඊළඟ විකල්පය..අපි විපක්ෂයේ ඉන්න කැමති නෑ අපිට ඕන ඊළඟට රටේ බලය ගන්න
05:10
Video thumbnail
ඉල්ලා අස් වෙන්නේ නැත්තම් අස් කරන්න - කිසිවක් නොකර නිදා ගැනීම ගැන ඇමති වග කියන්න ඕනි
06:14
Video thumbnail
කවුරුත් නොදන්න හිටපු පොලිස්පති CD වික්‍රමරත්නගේ කතාව මෙන්න
03:14
Video thumbnail
මැදපෙරදිග යුද්දය නිසා ඉන්ධන මිල ඉහළ යයිද ? යුද්දයට කළින් තිබ්බ මිලට එන්නේ නෑ
03:50
Video thumbnail
අපිට සුළු පක්ෂවලට සලකන්න බෑ..සහයෝගය දුන්නට ආණ්ඩුවට ගන්නේ නෑ
03:01
Video thumbnail
හිටපු පොලිස්පතිගේ සිද්ධියේ සුලමුළ හොයන්න DIGත් එයි - මෙන්න දැන් ලැබුණු නවතම දර්ශන
01:46