ශෂීට ඇප දෙනවද නැද්ද? තීරණය අද

ශෂී වීරවංශ ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය අද (31 වැනිදා) පැහැදිලි කරන ලෙස දන්වමින් අධිකරණය නීතිපතිවරයාට ඊයේ (30 වැනිදා) නොතිසි නිකුත් කළේය.විත්තිකාර අභියාචක ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම අද (31 වැනිදා) දින සලකා බලන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ ප්‍රකාශ කළේය.