ශරියා විශ්ව විද්‍යාලය යළි හිස්බුල්ලාට

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා හමුදාවට පවරා ගත් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය එහි නීත්‍යානුකූල හිමිකරුවන්ට නිල වශයෙන් පවරා දී ඇති බව වාර්තා වනවා.

යුද හමුදාව විසින් මඩකලපුව මණ්ඩපය නිල වශයෙන් එම විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ හිටපු ආණ්ඩුකාර M.L.A.M හිස්බුල්ලා මහතා වෙත භාර දී ඇති බවයි සඳහන් වන්නේ.

හිටපු ආණ්ඩුකාරවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා කළ ඉල්ලීමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව මෙම විශ්වවිද්‍යාලය ලබාදී ඇති බවයි.

පසුගිය වසර හතරක කාලය තුළ විශ්වවිද්‍යාලය පාලනය කළේ හමුදාව විසින් බව ප්‍රකාශ කළ හිස්බුල්ලා පාස්කු ප්‍රහාරයට තමා සම්බන්ධයක් නොමැති බව පරීක්ෂණවලින් ඔප්පු වීමෙන් පසු එය ආපසු ලබා දුන් බව ප්‍රකාශ කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරයත් සමග, නැගෙනහිර පළාතේ අන්තවාදී පිරිස් සිදු කළ නොසන්සුන්කාරී තත්වය හමුවේ 2019 වර්ෂයේදී රජයට පවරා ගත් ෂරියා විශ්ව විද්‍යාලය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් මෙන්ම,වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලැබුවා.

මහත් ආන්දෝලනයකට පතව තිබු ෂරියා විශ්වවිද්‍යාලය රුපියල් කෝටි 800 වැඩි මුදල් ප්‍රමාණයක් වැය කර අරාබියේ සිටින ව්‍යාපාරිකයකු විසින් නැගෙනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා මහතාට ලබාදුන් පරිත්‍යාගයක් බවට ප්‍රචලිත වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
26
+1
4
+1
2
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?