ව‍යඹින් දිගහැරෙන සෞඛ්‍ය වර්ජනය…

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය නියෝජනය කරන වෘත්තීය සමිති ඒකාබද්ධව අද (08) සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

පළාත් සභා රෝහල් කේන්ද්‍ර කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සැළසුම් කර ඇති අතර එහි පළමු පියවර වශයෙන් අද දිනයේදී වයඹ පළාත් සභාවට අයත් රෝහල්වල පැය 24ක වැඩ වර්ජනයක නිරත වන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කළේ.

මෙම අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය යටතේ හෙට දිනයේදී මධ්‍යම පළාත් සභාවට අයත් රෝහල්වල පැය 24ක වැඩ වර්ජනයක නිරතවීමටයි ඔවුන් මේ වන විට සැළසුම් කර ඇත්තේ.

මේ සම්බන්ධව මාධ්‍යට අදහස් දැක්වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ මෙතෙක් රජයෙන් විසඳුම් නොදුන් ගැටලු 7ක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවකයන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?