AFC Banner
Empty Ad
Empty Ad

වෛද්‍ය කපිල වික්‍රමනායකගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය කල් යයි

මහත් ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැත්ද? නියෝගය ජූලි 10 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.

සැකකාර වෛද්‍යවරයා ඇප මත මුදා හරින ලෙස කර තිබෙන අතුරු ඉල්ලීම පිළිබඳ නියෝගය ද ඒ සමඟම ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

වෛද්‍ය කපිල වික්‍රමනායක සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ දී සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන සිද්ධිය වූ අවස්ථාවේ දී පෙත්සම්කරු විදේශගතව සිටි බව සඳහන් කළා.

මෙම නඩුකරයට පාදක වන ප්‍රශ්න ගත ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයුම්කරුවන් තෝරාගැනීම, මිල ගණන් කැඳවීම හා මිලදී ගැනීමේ ක්‍රියාවලියට තම සේවාදායකයා සම්බන්ධ වී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

පොදු දේපළ පනත යටතේ යම් පුද්ගලයෙකු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ හැක්කේ චෝදනා ගොනු කර නඩු විභාගයක් ආරම්භ වූ අවස්ථාවක පමණක් බවත් නඩු විභාගයක් ආරම්භ නොවී විමර්ශනයක් පැවැත්වෙන අවස්ථාවක සිය සේවාදායකයා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

ඉකුත් නොවැම්බර් මාසයේ සිට සිය සේවාදායකයා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හෙයින් ඔහු ඇපමත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට පෙත්සම්කරු කෙලින්ම සම්බන්ධ බව කියා සිටියා.

විදේශගතව සිටිය ද අදාළ මිලදී ගැනීමේ ඇනවුම නිර්දේශ කරන ලද්දේ පෙත්සම්කරු විසින් යැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම පෙත්සම්කරු සැකකරුවකු වශයෙන් නම් කිරීමට මහේස්ත්‍රාත්වරිය තීරණය කළේ ප්‍රමාණවත් සාක්ෂිමය පදනමක් අනාවරණය වීම නිසා යැයි සදහන් කළා.

මෙහිදී විනිසුරු ශෂී මහේන්ද්‍රන් ප්‍රශ්නයක් මතු කරමින් මෙම පෙත්සම්කරු මාස අටක පමණ කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන අතර පෙත්සම්කරු අත් අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂිමය පදනමක් තිබුණේ දැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ගෙන් විමසුවා.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ පෙත්සම්කරු සම්බන්ධයෙන් වන සාක්ෂි සම්පිණ්ඩනයක් දැනටමත් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවයි.

ප්‍රශ්නගත මිලදී ගැනීම සඳහා ගෙවීම් අනුමත කර තිබෙන්නේ පෙත්සම්කරු විසින් වන අතර එම ගෙවීම් සිදුකිරීම සඳහා යොදා ගෙන තිබෙන්නේ රාජ්‍ය මුදල් බවට කිසිදු සැකයක් මතු නොවන බවත් ඔහු පෙන්වා දුන්නා.

වැඩිදුරටත් කරුණු දැක් වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පොදු දේපළ පනත යටතේ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරනු ලබන විට සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවන අවස්ථාවක ඔහු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට හැකියාව තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියා.

මෙම පෙත්සම තුළින් කරුණු වසන් කිරීමක් මෙන්ම අධිකරණය නොමඟ යැවීමක් ද පෙත්සම්කරු විසින් සිදුකර ඇති බැවින් අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් සහ රනිල් එක ගර්භාෂය තුළ ඉපදුණු දරුවෝ දෙදෙනෙක් - වැඩසටහන උණුසුම් කළ සංවාදය
05:02
Video thumbnail
KASTHIRAMA | හිටපු පා.ම. වීරසුමන වීරසිංහ සහ සජබ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම සහභාගීවන කස්තිරම
01:25:07
Video thumbnail
සජිත්ට වුණ දේ හාම්පුතෙක්ම කියයි - අවසාන ප්‍රතිඵලය අපි බලාපොරොත්තු නොවුණු එකක් #sjb
02:17
Video thumbnail
ඔළුගෙඩි මාරු කරලා විසඳුම් ලැබෙන්නේ නෑ - මේක ඉබාගාතේ ගිය ආර්ථිකයක් #dilithjayaweera #economy
04:02
Video thumbnail
මරණය පෙනි පෙනී සිටි කිරිඅම්මාවරු ගලවාගත් පොලිස් මෙහෙයුම...
03:12
Video thumbnail
රටේ ආරක්ෂාව නැවතත් වැඩි කරයි? - දැන්නම් නීතියත් එක්ක සෙල්ලම් දානවා බොරු #policenews
03:32
Video thumbnail
නිදහස් පක්ෂය මේ සැරෙත් එන්නේ ගෑස් සිලින්ඩරෙන්
02:36
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයශංකර් ජනපති අනුර හමුවූ අවස්ථාව #anurakumaradissanayake #npp
01:04
Video thumbnail
පාදෙණිය කාලෙකට පස්සේ කට අරියි
03:27
Video thumbnail
දිලිත් ජයවීරගෙන් විශේෂ ප්‍රකාශයක් #dilithjayaweera
04:51

?