වෛද්‍ය කපිල වික්‍රමනායකගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය කල් යයි

මහත් ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැත්ද? නියෝගය ජූලි 10 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.

සැකකාර වෛද්‍යවරයා ඇප මත මුදා හරින ලෙස කර තිබෙන අතුරු ඉල්ලීම පිළිබඳ නියෝගය ද ඒ සමඟම ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

වෛද්‍ය කපිල වික්‍රමනායක සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ දී සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන සිද්ධිය වූ අවස්ථාවේ දී පෙත්සම්කරු විදේශගතව සිටි බව සඳහන් කළා.

මෙම නඩුකරයට පාදක වන ප්‍රශ්න ගත ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයුම්කරුවන් තෝරාගැනීම, මිල ගණන් කැඳවීම හා මිලදී ගැනීමේ ක්‍රියාවලියට තම සේවාදායකයා සම්බන්ධ වී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

පොදු දේපළ පනත යටතේ යම් පුද්ගලයෙකු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ හැක්කේ චෝදනා ගොනු කර නඩු විභාගයක් ආරම්භ වූ අවස්ථාවක පමණක් බවත් නඩු විභාගයක් ආරම්භ නොවී විමර්ශනයක් පැවැත්වෙන අවස්ථාවක සිය සේවාදායකයා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

ඉකුත් නොවැම්බර් මාසයේ සිට සිය සේවාදායකයා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හෙයින් ඔහු ඇපමත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට පෙත්සම්කරු කෙලින්ම සම්බන්ධ බව කියා සිටියා.

විදේශගතව සිටිය ද අදාළ මිලදී ගැනීමේ ඇනවුම නිර්දේශ කරන ලද්දේ පෙත්සම්කරු විසින් යැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම පෙත්සම්කරු සැකකරුවකු වශයෙන් නම් කිරීමට මහේස්ත්‍රාත්වරිය තීරණය කළේ ප්‍රමාණවත් සාක්ෂිමය පදනමක් අනාවරණය වීම නිසා යැයි සදහන් කළා.

මෙහිදී විනිසුරු ශෂී මහේන්ද්‍රන් ප්‍රශ්නයක් මතු කරමින් මෙම පෙත්සම්කරු මාස අටක පමණ කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන අතර පෙත්සම්කරු අත් අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂිමය පදනමක් තිබුණේ දැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ගෙන් විමසුවා.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ පෙත්සම්කරු සම්බන්ධයෙන් වන සාක්ෂි සම්පිණ්ඩනයක් දැනටමත් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවයි.

ප්‍රශ්නගත මිලදී ගැනීම සඳහා ගෙවීම් අනුමත කර තිබෙන්නේ පෙත්සම්කරු විසින් වන අතර එම ගෙවීම් සිදුකිරීම සඳහා යොදා ගෙන තිබෙන්නේ රාජ්‍ය මුදල් බවට කිසිදු සැකයක් මතු නොවන බවත් ඔහු පෙන්වා දුන්නා.

වැඩිදුරටත් කරුණු දැක් වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පොදු දේපළ පනත යටතේ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරනු ලබන විට සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවන අවස්ථාවක ඔහු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට හැකියාව තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියා.

මෙම පෙත්සම තුළින් කරුණු වසන් කිරීමක් මෙන්ම අධිකරණය නොමඟ යැවීමක් ද පෙත්සම්කරු විසින් සිදුකර ඇති බැවින් අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21