වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස ගැන ගන්න යන තීරණය

රජයේ වෛද්‍යවරු හා විශේෂඥ වෛද්‍යවරු වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණයක් බලරහිත කර ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා පිළිබඳව නියෝගය මැයි මස 17 දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළා.

රජයේ වෛද්‍යවරු හා විශේෂඥ වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් දැනටමත් පණවා තිබෙන තහනම් නියෝගය ද එදින තෙක් දීර්ඝ කරන බවයි විනිසුරු මඩුල්ල නියෝග කළේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා.

රජයේ සේවයේ නිරතව සිටින විශේෂඥ වෛද්‍යවරු 176ක් විසින් අදාළ පෙත්සම ගොනු කර තිබෙනවා.

එම පෙත්සම පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට මූලික විරෝධතාවක් මතු කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා මෙම නඩුවට පාදක වන කරුණු රාජ්‍ය සේවා කොමිසම හා බැඳුණු බැවින් එම කොමිසම වෙත නියෝග නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවයි පෙන්වා දුන්නේ.

ඒ අනුව අදාළ පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බැවින් එය ප්‍රතික්ෂේප කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් තිබේ ද? නැද්ද? යන තීන්දුව මැයි 17 වනදා ප්‍රකාශයට පත් කළ බව නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47