AFC Banner
AFC Banner
Empty Ad

වේලාසනින් ම ලෝක කුසලානයෙන් දොට්ට ඇදවැටුණු ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසගත වෙයි

2024 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන් ම ඉවතට විසි වන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඊයේ (13) සිදුවුණා.

ඒ D කාණ්ඩයේ ඊයේ පැවති නෙදර්ලන්තයට එරෙහි තරගය බංග්ලාදේශය ලකුණු 25කින් ජය ගැනීමත් සමඟයි.

2024 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායමට රැඳී සිටීමට නම් ඊයේ පැවති නෙදර්ලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයට වර්ෂාවෙන් බාධා පැමිණ එම තරගයත් අත්හැර දැමිය
යුතුව තිබුණා.

කෙසේ වෙතත් කාලගුණයෙන් කිසිදු බාධාවක් එල්ල නොවූ තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම නෙදර්ලන්ත කණ්ඩායම පරාජය කරමින් ලකුණු විසිපහක ජයග්‍රහණයක් හිමිකර ගත්තේ සුපිරි අට දෙනාගේ වටයට පිවිසීමේ බලාපොරොත්තු ඉහළ නංවා ගනිමින්.

මේ සමග ම පන්දුවාර විශ්ව ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයෙන්ම ඉවතට විසි වන්නට සිදුවුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 10කින් පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් පූර්ව වටයට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා නොමැති අතර ඔවුන් අවසන් වරට අවසන් පූර්ව තරගයකට එක් වූයේ 2014 වර්ෂයේදීයි.

ඒ තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයේ දී ඉන්දීය කණ්ඩායම පරදා පන්දුවාර විස්ස ලෝක ශූරයන් බවට පත්වුණා.

එමෙන්ම මෙම තරගාවලියේ B කාණ්ඩය යටතේ ඕමානය සහ එංගලන්තය අතර පැවති තරගයෙන් එංගලන්ත කණ්ඩායම සුපිරි ජයග්‍රහණයක් වාර්තා කළේ පන්දුවාර 20 ක්‍රිකට් ඉතිහාසය අලුත් කරමින්.

ඒ පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයක් වැඩිම වේගයකින් හඹා ගොස් සිදුකළ ජයග්‍රහණය ලෙස වාර්තා තබමින්.

එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 50 රැස් කර ගත්තේ පන්දු 19ක් පමණක් වැය කරමින් වන අතර ඔවුන්ගේ ඉනිමේ තවත් පන්දු 101ක් ඉතිරි වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
16
+1
3
+1
6
+1
3
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?