වේලාසනින් ම ලෝක කුසලානයෙන් දොට්ට ඇදවැටුණු ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසගත වෙයි

2024 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන් ම ඉවතට විසි වන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඊයේ (13) සිදුවුණා.

ඒ D කාණ්ඩයේ ඊයේ පැවති නෙදර්ලන්තයට එරෙහි තරගය බංග්ලාදේශය ලකුණු 25කින් ජය ගැනීමත් සමඟයි.

2024 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායමට රැඳී සිටීමට නම් ඊයේ පැවති නෙදර්ලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයට වර්ෂාවෙන් බාධා පැමිණ එම තරගයත් අත්හැර දැමිය
යුතුව තිබුණා.

කෙසේ වෙතත් කාලගුණයෙන් කිසිදු බාධාවක් එල්ල නොවූ තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම නෙදර්ලන්ත කණ්ඩායම පරාජය කරමින් ලකුණු විසිපහක ජයග්‍රහණයක් හිමිකර ගත්තේ සුපිරි අට දෙනාගේ වටයට පිවිසීමේ බලාපොරොත්තු ඉහළ නංවා ගනිමින්.

මේ සමග ම පන්දුවාර විශ්ව ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයෙන්ම ඉවතට විසි වන්නට සිදුවුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 10කින් පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් පූර්ව වටයට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා නොමැති අතර ඔවුන් අවසන් වරට අවසන් පූර්ව තරගයකට එක් වූයේ 2014 වර්ෂයේදීයි.

ඒ තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයේ දී ඉන්දීය කණ්ඩායම පරදා පන්දුවාර විස්ස ලෝක ශූරයන් බවට පත්වුණා.

එමෙන්ම මෙම තරගාවලියේ B කාණ්ඩය යටතේ ඕමානය සහ එංගලන්තය අතර පැවති තරගයෙන් එංගලන්ත කණ්ඩායම සුපිරි ජයග්‍රහණයක් වාර්තා කළේ පන්දුවාර 20 ක්‍රිකට් ඉතිහාසය අලුත් කරමින්.

ඒ පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයක් වැඩිම වේගයකින් හඹා ගොස් සිදුකළ ජයග්‍රහණය ලෙස වාර්තා තබමින්.

එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 50 රැස් කර ගත්තේ පන්දු 19ක් පමණක් වැය කරමින් වන අතර ඔවුන්ගේ ඉනිමේ තවත් පන්දු 101ක් ඉතිරි වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46